ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය විරෝධි දින වැඩසටහන් ජනපති ප්රධානත්වයෙන්
- 2016-06-28 12:57:10
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය විරෝධී දිනය නිමිත්තෙන් ,මතින් නිදහස් රටක් අභිමානවත් හෙටක්, තේමාව යටතේ අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය විසින් සංවිධානය කරන ලද මත්ද්‍රව්‍ය විරෝධී දින වැඩසටහන ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ ශී‍්‍ර ලංකා පදනම් ආයතනයේ දී පැවැත්විණි. 2016 ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය විරෝධී දිනය වෙනුවෙන් තැපැල් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද සමරු මුද්දරය ද මෙහිදී ජනාධිපතිතුමා වෙත පිළිගැන්විණි.
මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා කැපවූ ති‍්‍රවිධ හමුදාවේ, පොලිසියේ සහ සිවිල් සමාජයේ නිලධාරින් දස දෙනෙකුට සම්මාන හා සහතික පත‍්‍ර ප‍්‍රදානය ද ජනාධිපතිතුමා අතින් සිදු විය.
අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපති මහාචාර්ය රවින්ද්‍ර ප‍්‍රනාන්දු මහතා විසින් මත්ද්‍රව්‍ය විරෝධී ජාතික ප‍්‍රතිපත්තිය ද මෙහිදී ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය. පූජ්‍ය තීනියාවල පාලිත නායක ස්වාමින් වහන්සේ ද, අමාත්‍ය සාගල රත්නයක, ඖෂධ පාලක මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් කේ. ගමගේ යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
Reply To:
Name - Reply Comment
0 Comments