Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ඇමරිකාවේ ලොස්ඇන්ජලීස් නුවර දී පැවැත්වීමට නියමිත 68 වැනි  ජාත්‍යන්තර විද්‍යා සහ ඉංජිනේරු ප්‍රදර්ශනයට සහභාගී වන සිසුන්ට ගුවන් ටිකට් පත් ප්‍රදානය පසුගියදා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.

ඒ අනුව 2017 මැයි මස 17 සිට19 දින දක්වා පැවැත්වෙන මෙම ප්‍රදර්ශනයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සිසුන් සිව් දෙනෙක් සහභාගීවීමට නියමිතයි.  මේ සඳහා රටවල් 75ක් නියෝජනය කරමින් තරුණ විද්‍යා පුරෝගාමීන් 1700කට අධික පිරිසක් සහභාගී  වේ. පසුගිය වසරවල දී ද  ශ්‍රී ලංකාවට මෙම ප්‍රදර්ශනය සඳහා සහභාගී වීමට අවස්ථාව ලැබුණු අතර එහි දී ලාංකීය සිසුන් අන්තර්ජාතික මට්ටමින් විශිෂ්ට මට්ටමේ සම්මාන ද හිමිකරගෙන ඇත. ENG

මෙවර මෙම අන්තර්ජාතික ප්‍රදර්ශනය සඳහා නාරම්මල මයුරපාද විද්‍යාලයේ ගංගොඩවිල කංකානම්ලාගේ ගංගොඩවිල, අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ වළාකුළුගේ සනුජ අබේවික්‍රම, දෙහිවල එස් ද එස් ජයසිංහ විද්‍යාලයේ අලුජ්ජාගේ පෙරේරා, සහ පට්ටියගේ කවිශ්ක යන සිසුන් සිව්දෙනා ඉදිරිපත් වීමට නියමිතයි.

මෙම අන්තර්ජාතික ප්‍රදර්ශනය සඳහා සිසුන් තෝරාගනු ලැබූයේ, අධ්‍යාපන අමාත්‍යාංශයත්, ජාතික විද්‍යා පදනමත්(NSF), ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය(IESL), ඉන්ටෙල් ශ්‍රී ලංකා ආයතනයත්(INTEL Sri Lanka) එක්ව සංවිධානය කරන ලද ශ්‍රී ලංකා විද්‍යා හා ඉංජිනේරු ප්‍රදර්ශනය සඳහා තෝරාගත් නව නිර්මාණකරුවන් 20 දෙනා අතරිනුයි.  ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය විසින් දිවයිනේ සියලු පාසල් අතරින් තෝරාගත් වසරේ කණිෂ්ඨ නිර්මාණකරුවන් 10 දෙනෙකු සහ ජාතික විද්‍යා පදනම විසින් සංවිධානය කරන ලද විද්‍යා හා පර්යේෂණ තරගාවලියෙන් තෝරාගත් විශිෂ්ට නිර්මාණකරුවන් 10 දෙනෙකු මෙම ශ්‍රී ලංකා විද්‍යා හා ඉංජිනේරු ප්‍රදර්ශනයට සහභාගී කරවා ගෙන ඇති අතර මෙම අන්තර්ජාතික ප්‍රදර්ශනයට එක්ව සිටින්නේ ඔවුන් අතරින් තෝරාගත් නව නිර්මාණකරුවන් සිවුදෙනෙකුයි.

මෙම ගුවන් ටිකට් පත් ප්‍රදානය කිරීමේ අවස්ථාවට අධ්‍යාපන ලේකම් සුනිල් හෙට්ටි ආරච්චි මහතා, ජාතික විද්‍යා පදනමේ සහ ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ නියෝජිතවරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

 

(ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව)

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.