ජාත්‍යන්තර සිවිල් ගුවන්සේවා දිනය සැමරේ - ශ්‍රී ලංකාවේ ගුවන් සේවයත් වසර 104 ක් සපුරයි
- 2016-12-07 23:13:24
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ජාත්‍යන්තර සිවිල් ගුවන්සේවා දිනය සහ ශ්‍රී ලංකාවේ ගුවන් ඉතිහාසයට වසර 104ක් සපිරීම 07දාසමරනු ලැබීය.
මීට වසර 104කට පෙර, එනම් 1912 වසරේදී ප්‍රථම සාර්ථක දේශීය ගුවන් ගමන කොළඹ තුරඟ තරඟ පිටියේදී සිදුවී තිබුණේ දෙසැම්බර් මස 07 වැනි දිනකය. ඒ අනුව, ජාත්‍යන්තර වශයෙන් මෙන්ම දේශීය වශයෙන්ද දෙසැම්බර් 07 වැනිදා සිවිල් ගුවන්සේවා ඉතිහාසයට සුවිශේෂී දිනයකි.
1944 දෙසැම්බර් 07 වැනි දින එවකට රටවල් 52ක් එකතුව ගුවන් නියාමන සහ සම්බන්ධීකරණ කටයුතු සඳහා සම්මුතියකට එළැඹුණු අතර, එය අන්තර්ජාතික සිවිල් ගුවන්සේවා සම්මුතිය (1944 චිකාගෝ සම්මුතිය) වේ. ඒ සමගම එම රටවල් එක්ව ජාත්‍යන්තර සිවිල් ගුවන්සේවා සංවිධානය (ICAO) පිහිටුවාගෙන ඇත්තේද දෙසැම්බර් 07 අද වැනි දිනකදීය. අද වනවිට එහි සාමාජික සංඛ්‍යාව රටවල් 191 කි.
ජාත්‍යන්තර සිවිල් ගුවන්සේවා සංවිධානයේ ශ්‍රී ලංකාවේ නියෝජිත ආයතනය ලෙසත්, රට තුළ ගුවන් නියාමන කටයුතු භාර රාජ්‍ය ආයතනය ලෙසත් ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරිය කටයුතු කරනු ලබයි. එම සම්මුතීන් නිවැරදිව රට තුළ ක්‍රියාත්මක වීම වෙනුවෙන් ජාත්‍යන්තර සිවිල් ගුවන්සේවා සංවිධානය ජාත්‍යන්තර විගණනයන් ලොව පුරා ක්‍රියාත්මක කරවනු ලබයි.
එලෙස ජාත්‍යන්තර සිවිල් ගුවන්සේවා සංවිධානය විසින් පවත්වනලද පසුගිය විගණනයෙන් ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ ප්‍රථම ස්ථානයට පත්විය. එමෙන්ම ආසියාවේ සිවුවැනි තැනටත්, ලෝකයේම 16 වැනි ස්ථානයටත් පත්ව ඇත. මේ වනවිට ශ්‍රී ලංකාව සතුව ජාත්‍යන්තර ගුවන් තොටුපොළවල් 2ක් පවතින අතර, රත්මලාන ගුවන් තොටුපළ දේශීය ගුවන් තොටුපොළක් ලෙසත් ක්‍රියාත්මක වේ. ගුවන් යානා සමාගම් 30ක් පමණ ශ්‍රී ලංකාවට පැමිණෙන අතර, කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ හරහා දිනකට ගුවන් මෙහෙයුම් 180ක් පමණ ක්‍රියාත්මක වේ. එම ගුවන් තොටුපොළේ වාර්ෂික ධාර්තාව මිලියන 6ක් වන නමුත්, මිලියන 9ක් දක්වා වාර්ෂිකව මගීන් හසුරුවනු ලබයි.
Reply To:
Name - Reply Comment
0 Comments