Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

නොවැම්බර් මස 03 වන දිනට යෙදී ඇති මාර්ග අනතුරුවලට ලක්ව විපතට පත්වූවන් සැමරීමේ ලෝක දිනයට සමගාමීව 2016 නොවැම්බර් මස 15  සිට 18 වන දින දක්වා අනතුරු නිවාරණය පිළිබද ජාතික සතියක් ක‍්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනතුරු වැළැක්වීම පිළිබඳ කේන්ද්‍රීය ඒකකය වන බෝනොවන රෝග අංශය විසින් තීරණය කර ඇත. ඒ අනුව අද පාසල් සහ පෙරපාසල් සුරක්ෂිත දිනය ලෙස ද, හෙට (16) වන දා රාජකාරී ස්ථාන සුරක්ෂිතතා දිනය ලෙස ද, 17 වන දා ගෘහස්ථ ආරක්ෂිතතා දිනය ලෙස ද, 18 වනිදා මාර්ග සුරක්ෂිතතා දිනය ලෙස ද වෙන් කර තිබේ. සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් මත මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ.

වර්තමානයේ දිනකට මාර්ග අනතුරු 06 ක් 08 ක් සංඛ්‍යාවක් සිදු වේ. මෙම සතිය තුල දී මහජනතාව දැනුවත් කිරීම, අනතුරු සිදුවීමේ අවදානමක් ඇති ස්ථාන පරීක්ෂා කිරීම, ඉදිරියේ දී අනතුරු ඇතිවීමේ අවදානම අවම කිරීම සඳහා කෙටි කාලීන, මධ්‍ය කාලීන සහ දිර්ඝ කාලීන ක‍්‍රියාමාර්ග ගැනීමටත් අපේක්ෂා කෙරේ.

ශ‍්‍රී ලංකාව තුළ හදිසි අනතුරු නිසා පීඩාවට පත්වන සහ මියයන සංඛ්‍යාව දිනෙන් දින වැඩිවෙමින් පවතී. මේ නිසා වාර්ෂිකව මිලියනක් පමණ පුද්ගලයින්ට රෝහල්වල නේවාසික ප‍්‍රතිකාර ගැනීමට සිදුවේ. මාරක සහ දරුණු ගණයේ අනතුරුවලට ප‍්‍රධානතම හේතුව වන්නේ මාර්ග අනතුරුය. වාර්ෂිකව මාර්ග අනතුරු නිසා පුද්ගලයින් 37,000 කට අධික ප‍්‍රමාණයක් විපතට පත්වන අතර, ඒ හේතුවෙන් වාර්ෂිකව 2500 කගේ පමණ ජිවිත අහිමි වේ. 2016 වර්ෂය වන විට මෙම මරණ සංඛ්‍යාව 2,800 කින් පමණ වර්ධනය වී ඇත.
මීට අමතරව බොහෝ පිරිසක් දිර්ඝකාලීන ආබාධිත තත්ත්වයට පත් වේ. එම පුද්ගලයින්ට ප‍්‍රතිකාර කිරීමට සහ පුනරුත්ථාපනයට ද රජයට අධික වියදමක් දැරීමට සිදුවේ. මාර්ග අනතුරුවලට ගොදුරුවන්නන් අතර බහුතරයක් අවුරුදු 15-40 අතර වයස් කාණ්ඩයේ පිරිස් වන අතර, ඔවුන් රටේ ඵලදායී නිෂ්පාදක කණ්ඩායමට අයත් පුද්ගලයින් වේ. මෙම තත්ත්වය රටේ ආර්ථීකයට ද බලපෑමක් එල්ල කරනු ලබයි.

2016 වර්ෂයේ මුල් මාස 06 තුළ දී මූලික රෝහල් සහ ඉහළ මට්ටෙමි රෝහල් වලින් ලබාගත් හදිසි අනතුරුවලට අදාල දත්ත වලට අනුව අනතුරුවලට ගොදුරුවූවන් පිළිබඳ ස්ත‍්‍රී පුරුෂ අනුපාතය 1:2 කි. (සියයට 34 ක් ස්ත‍්‍රී සියයට 66 පුරුෂ) වාර්තා කරන ලද සියලුම අනතුරුවලට අනුව සත්ත්ව සපාකෑම් සියයට 29.9 කි. ප‍්‍රවාහන අනතුරු (මාර්ග අනතුරු දුම්රිය අනතුරු සහ ජලයේ ප‍්‍රවාහන අනතුරු) සියයට 17.6 කි. වැටිම් සියයට 16.9 කි. කැපීම් සහ ඇනීම් සියයට 11.1 කි.

එමෙන්ම අනතුරු හේතුවෙන් වාර්තා වූ මරණ දෙස බැලීමේ දී ප‍්‍රවාහන අනතුරු හේතුවෙන් සියයට 29 ක් ද, වැටිම් හේතුවෙන් සියයට 09 ක් ද, විෂවීම් හේතුවෙන් සියයට 09 ක් ද, සියදිවි හානිකර ගැනීම් හේතුවෙන් සියයට 09 ක් ද, ස්වභාවික බලෙවිග නිසා සියයට 08 ක් සහ දියේ ගිලීම් හේතුවෙන් සියයට 06 ක් වශයෙන් වාර්තා වේ.

ශ‍්‍රී ලංකා පොලීසියේ වාර්තාවලට අනුව 2016.01.01 සිට 2016.09.03 දක්වා සිදු වූ මාර්ග අනතුරු දෙස බැලීමේ දි මරණීය අනතුරු 2019 ක් ද, බරපතල අනතුරු 6142 ක් ද, සුළු අනතුරු 11,132 ක් ද, දේපල හැනි 10,266 ක් ද,  ඒ අනුව මුළු අනතුරු 29630 ක් සහ සිදුව ඇති මරණ සංඛ්‍යාව 2207 කි. (රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව)

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.