ජාතික කලාප්‍රසාදිනී සංස්කෘතික ප්‍රදර්ශනය නොමිලයේ
- 2016-09-30 13:53:48
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
දේශීය සංස්කෘතියේ හා කලාවේ උන්නතිය උදෙසා ඔක්තෝබර් 02 වැනිදා සිට 05වැනිදා දක්වා බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේදී පවත්වන ජාතික කලාප්‍රසාදිනී සංස්කෘතික ප්‍රදර්ශනය ජනතාවට නොමිලයේ නැරඹීමට අවස්ථාව සලසා තිබේ.
කුටි 150කින් යුක්ත මෙම ප්‍රදර්ශනයට අමතරව දරුවන් සඳහා චිත්‍ර ප්‍රදර්ශනද, අධ්‍යාපන වැඩසටහන් රැසක්ද සංවිධානය කර තිබේ.
දුම්බර පැදුරු රටා නිර්මාණය,සාම්ප්‍රදායික වාද්‍ය භාණ්ඩ නිෂ්පාදනය,රේන්ද හා බීරලු නිෂ්පාදනය,හේන් ගොවිතැන් හා බැඳුණු සංස්කෘතිකාංග,ලී කැටයම් නිර්මාණ,පාරම්පරික වෙදකම්,වෙස්මුහුණු නිෂ්පාදනය,සේසත් නිර්මාණය,ලාක්ෂා නිර්මාණය,පුස්කොළ පොත් ග්‍රන්ථාරූඪ කිරීම,කම්මල් කර්මාන්තය,ධීවර කර්මාන්තය,කුඹල් කර්මාන්ත නිෂ්පාදනය,චිත්‍ර හා කැටයම් නිර්මාණ ආදී ශ්‍රී ලංකාවට ආවේණික උරුමයන් නිෂ්පාදනය කරනු ලබන ආකාරය සියැසින්ම දැකගැනීමට අවස්ථාව පවතී.
පොත් ප්‍රදර්ශන,සාහිත්‍ය දේශන,සංවාද මණ්ඩප,නාට්‍ය රසවින්දන වැඩසටහන්,කවිමඩු,ජනගී ප්‍රසංග, ටවර්හෝල් ගී ප්‍රසංග,නාට්‍ය ප්‍රදර්ශන,රාජ්‍ය සංගීත කණ්ඩායමේ හා නර්තන කණ්ඩායමේ ප්‍රසංග,ත්‍රිවිධ හමුදා හා පොලිස් ප්‍රසංග,60-70 දශකයේ සංගීත ප්‍රසංග මෙන්ම ලංකාවේ සියලුම ජනවර්ගවල සම්ප්‍රදායන් හා විශේෂ ප්‍රසංග ආදිය ද දිනපතා පැවැත්වේ.
Reply To:
Name - Reply Comment
0 Comments