Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ජාතික නිදහස් දින 70 වැනි සැමරුම වෙනුවෙන්  ලබන පෙබරවාරී 1 වැනි දා සිට 7 වැනිදා දක්වා සෑම කාර්යාලයකම, නිවසම , සියලුම ව්‍යාපාරික ස්ථානවල ජාතික ධජය ඔසවන ලෙස ද ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා සියලු දෙනාගෙන් ඉල්ලා සිටි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවේදී ඒ මහතා මෙම ඉල්ලීම සිදු කළේය.

සමරු උළෙල පෙබරවාරී 04 වැනි දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතගේ ප්‍රධානත්වයෙන් සහ අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහභාගිත්වයෙන් ගාලුමුවදොර පිටියේදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙන බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධනය මහතාගේ පැවසීය.

මෙවර උත්සවයෙන් විශේෂ ආරාධිත අමුත්තකු ලෙස බ්‍රිතාන්‍ය රජ පවුල නියෝජනය කරමින් එලිසබෙත් මහ රැජිනගේ බාල ප්‍රත්‍රයා වූ එඩ්වර්ඩ් කුමරු සහභාගිවීමට නියමිතය.  මෙම උත්සව අවස්ථාවට දෙස් විදේස ආරාධිතයින් 3500ක් පමණ සහ මහජනතාව ද සහභාගිවීමට නියමිත බව අමාත්‍යවරයා සඳහන් කළේය. මෙවර නිදහස් දින තේමාව " එකම දැයක්" වන අතර  70 වැනි නිදහස් දිනය වෙනුවෙන් විශේෂ ලාංඡනයක් නිර්මාණය කර ඇති අතර සමරු මුද්දරයක් ද නිදහස් දිනයේ නිකුත් කිරීමට නියමිතය. එසේම නිදහස් සමරුව වෙනුවෙන් විශේෂ ලාංඡනයක් ද හඳුන්වා දෙන අතර ගාලු මුවදොර පිටියේ උත්සවයට අමතරව රාත්‍රියේ කොළඹ මහ නගර සභා භූමියේ සංස්කෘතික හා සංගීත ප්‍රසංගයක් පැවැත්වෙන බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

නිදහස් දින උත්සවය වෙනුවෙන් පෙබරවාරී 2 වැනි දා සිට ආගමික වතාවත් සංවිධානය කර තිබෙන අතර නිදහස් දින සැමරෙන 4 වැනි දින සර්ව ආගමික වතාවත් ආගමික ස්ථාන මුල්කර ගනිමින් පැවැත්වේ. නිදහස් දින සැමරුම් දින පෙරවරුවේ මහාමාත්‍ය ඩී.එස්. සේනානායක මැතිතුමාගේ පිළිරුව අභියස පුෂ්පෝපහාර පිරිනැමීම කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ.

(රජයේ නිල පුවත් සේවය)

සබැඳි පුවත්----

''එකම දැයක්'' තේමාවෙන් නිදහස් දිනය සැමරේ

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.