ජාතික පාසල් 1500 දක්වා වැඩිකිරීමට සැලසුමක්
- 2017-09-28 17:08:54
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
රට තුළ ස්ථාපිතව ඇති ජාතික පාසල් 345ක සංඛ්‍යාව ඉදිරියේදී 1500 දක්වාත්,කලාප අධ්‍යාපන කාර්යාල සංඛ්‍යාව 250 දක්වාත් වැඩි කිරීමට සැලසුම් කර ඇතැයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.
අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැති සීමිත තරග විභාගයෙන් තේරී පත්වූ ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ III ශ්‍රේණියට බඳවාගත් නවක නිලධාරීන් 306 දෙනෙකු සඳහා පත්විම් ප්‍රදානය කිරීමේ උත්සවයට එක් වෙමිනි.
ඒ අනුව, ඉදිරියේදී අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිදු කිරීමට නියමිත නවීන ලෝකයට ගැළපෙන ප්‍රතිසංස්කරණ ශක්තිමත් ලෙස පද්ධතිය තුළ ක්‍රියාත්මක කරලීම සඳහා මහජනතාව සමග වඩාත් ඵලදායී ලෙස ගනුදෙනු කළහැකි දක්ෂ නිලධාරීන් පිරිසක් බිහි කළ යුතු බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments