ජාතික ලේඛනාරක්ෂක සතිය නොවැ 07දා ඇරඹෙයි
- 2016-10-27 08:56:06
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව මගින් වාර්ෂිකව සංවිධානය කරන 'ජාතික ලේඛනාරක්ෂක සතිය' එළඹෙන නොවැම්බර් මස 07 වැනිදා සිට 13 වැනිදා දක්වා 'ජාතික ලේඛනාගාරය සහ පළාත් පාලන ලේඛන' යන මැයෙන් පැවැත්වීමට කටයුතු යොදා තිබේ. මීට සමගාමීව ප්‍රදර්ශනයක්ද, 10 වැනිදා පාසල් සිසුන් සඳහා දැනුම මිනුම තරගයක්ද දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී පැවැත්වේ.
මෙහි සමාරම්භක උලෙළ නොවැම්බර් 07 වැනිදා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන අතර, ඒ සඳහා විශේෂ ආරාධිත අමුත්තා වශයෙන් පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා සහභාගි වීමට නියමිතය.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments