Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

'සදා සුරකිමු දැයේ දරුවන්’ යන තේමාවෙන් ජාතික මට්ටමින් හඳුන්වා දෙන ලද සුරක්‍ෂා සිසු රක්‍ෂණාවරණය ලබාදීම නිමිත්තෙන් ලබන 07 වැනිදා 'ජාතික සුරක්‍ෂා සිසු රක්‍ෂණාවරණ දිනය' ලෙස නම් කර තිබේ.

සුරක්‍ෂා සිසු රක්‍ෂණාවරණය, දරුවන්ගේ කායික හා මානසික නිරෝගී බව ආරක්‍ෂා කිරීමටත්, ඒ තුළින් දැයේ දරුවන්ට වඩාත් යහපත් අනාගතයක් අත්පත් කරදීමට මනා පිටුබලයක් ලබාදීමත් අරමුණු කර ක්‍රියාත්මක වේ.

මෙම වැඩසටහන හා එහි ප්‍රතිලාභ හිමිකර ගන්නා ආකාරය පිළිබඳ දරුවන් සහ දෙමවුපියන් ඇතුළු පාසල් ප්‍රජාව දැනුවත් කිරීමේ අවශ්‍යතාව තවදුරටත් මතුව තිබූ අතර, ඒ අනුව ලබන 07 වැනිදා සුරක්‍ෂා සිසු රක්‍ෂණාවරණය පිළිබඳ පාසල් සිසුන් සහ පාසල් පාදක ප්‍රජාව දැනුවත් කිරීම සඳහා දීපව්‍යාප්ත මෙම විශේෂ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු සංවිධානය කර තිබේ.

මෙම දීපව්‍යාප්ත වැඩසටහන යෙදී ඇති ලබන 07 වැනිදා උදෑසන පාසල් රැස්වී මෙම දැනුවත් කිරීමේ වැඩසටහන සඳහා යොදා ගැනෙන අතර, මේ පිළිබඳ අත්පත්‍රිකාවක් මෙන්ම දැනුවත් කිරීමේ දේශනයන්ද සිදුකිරීම නියමිතය.

මේ පිළිබඳ තොරතුරු ඇතුළත් චක්‍රලේඛයක් සියලුම පාසල්, පිරිවෙන් ඇතුළු ආයතන ප්‍රධානීන් වෙත යොමුකිරීමටද පියවර ගෙන ඇත.

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ නායකත්වය යටතේ ක්‍රියාවට නැංවුණු සුරක්‍ෂා සිසු රක්‍ෂණාවරණ වැඩසටහන පසුගිය ඔක්තෝබර් මස 01 වැනිදාට යෙදී තිබූ ලෝක ළමා දිනයේ සිට බලගැන්විණි.

මේ යටතේ සෑම පාසල් දරුවෙකු සඳහාම වසරකට රුපියල් ලක්‍ෂ 02ක බැගින් වන රක්‍ෂණාවරණයක් හිමිවන අතර, රජයේ සියලු පාසල්,  ආධාර ලබන පෞද්ගලික පාසල්, ආධාර නොලබන පෞද්ගලික පාසල්, ජාත්‍යන්තර පාසල් හා පිරිවෙන්ද ඇතුළුව ශ්‍රී ලංකාවේ පාසල් 11,242ක් තුළ අධ්‍යාපනය ලබන,  පාසල් යන වයසේ පසුවන දරුවන් ලක්‍ෂ 45කට ආසන්න සිසුන් පිරිසක් ආවරණය කෙරේ. ශ්‍රී ලංකා රක්‍ෂණ සංස්ථාව හරහා මෙහි ප්‍රතිලාභ ලබාගත හැකිය.

ඒ වෙනුවෙන් කරන සියලු ගෙවීම් රජයෙන් දරන අතර, දරුවන්ගේ දෙමවුපියන්ට මේ සඳහා කිසිදු ගෙවීමක් කිරීමට සිදුනොවේ. මේ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය වෙන්කර ඇති මුදල රුපියල් බිලියන 03කට ආසන්නය.

සුරක්‍ෂා සිසු රක්‍ෂණාවරණය යටතේ පාසල් දරුවෙකුගේ බාහිර ප්‍රතිකාර සඳහා රුපියල් 10,000ක්ද, රෝහල්ගත වීමකදී රුපියල් 100,000 දක්වාද, පාසල් දරුවෙකුගේ හදිසි මරණයකදී රු.100,000ක් සහ සිය මවගේ හෝ පියාගේ හදිසි මරණයකදී දරුවෙකුට රුපියල් 75,000ක ප්‍රතිලාභ ලැබේ. එසේම දරුවා පූර්ණ ආබාධිත තත්ත්වයකට පත්වීමේදී රුපියල් 100,000ක සහ අර්ධ ආබාධිත තත්ත්වයකදී රුපියල් 50,000 සිට රුපියල් 100,000 දක්වා ඇතුළු තවත් ප්‍රතිලාභ රැසක් හිමිවන අතර, මේ වනවිට සිසුහු විශාල ප්‍රමාණයක්  සුරක්‍ෂා සිසු රක්‍ෂණාවරණයේ ප්‍රතිලාභ ලබා ගනිමින් සිටිති.

නිරෝෂා ප්‍රියදර්ශනී


 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.