ජාතික හැඳුනුම්පතට නවීන තාක්ෂණය
- 2017-10-27 20:44:09
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
නව ජාතික හැඳුනුම්පත නවීන තාක්ෂණයෙන් සුහුරු කාඩ්පතක (SMART Card)නිකුත් කිරීම අද (27) සිට සිදු කෙරේ. ඒ අනුව නව ජාතික හැඳුනුම්පත ඉලක්කම් 12කින් යුතු අංකයකින් මෙන් ම ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ ( International Civil Aviation Organisation - ICAO) ප්‍රමිතයෙන් යුතු ඡායාරූපයකින් සහ යන්ත්‍රානුසාරයෙන් කියවිය හැකි තීරු සංකේත (Barcode) ක්‍රමයකින් සමන්විත වනු ඇත. නම, උපන් ස්ථානය, ලිපනය හා ස්ත්‍රී පුරුෂ භාවය යන තොරතුරු භාෂාත්‍රයෙන් ම මුද්‍රිතව දැක්වෙන අතර හැඳුනුම්පත්ලාභියාගේ අත්සන ද නව හැඳුනුම්පතට ඇතුළත් කිරීමට කටයුතු කොට ඇත.
එමෙන් ම මෙම සුහුරු කාඩ්පත (SMART Card)ජාත්‍යන්තරව පිළිගත් හැඳුනුම්පත් සඳහා වන ප්‍රමිතියට අනුකූල වන අතර, එමගින් මහජනතාවට ඉතා පහසුවෙන් හා කඩිනමින් තම සේවා අවශ්‍යතා ඉටු කරගැනීමේ හැකියාව පවතී.
මෙම කාඩ්පත හඳුන්වාදීමත් සමඟ මෙතෙක් පැවැති හැඳුනුම්පත අවලංගු නොවන අතර අද සිට පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව වෙත යොමු කරන ඉල්ලුම්පත් සඳහා පමණක් සුහුරු කාඩ්පත ලබාදීමට කටයුතු කෙරෙනු ඇත.
(රජයේ නිල පුවත් සේවය)
Reply To:
Name - Reply Comment
0 Comments