Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ඩිජිටල් රාජ්‍ය සේවාවකට අවශ්‍යය මානව සම්පත තවදුරටත් සවිබල ගැන්වීමට පියවර ගෙන තිබේ. මේ අනුව රාජ්‍ය ආයතනයන්හි සිටින ප්‍රධාන නවිකරණ නිලධාරීන්ට සහ  ජේෂ්ඨ කළමනාකරුවන්ට පශ්චාත් උපාධි පාඨමාලා හැදෑරීමේ අවස්ථාව උදාකර දී ඇතැයි ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය (ICTA) පවසයි. මෙහි මුලික අදියර වශයෙන් ඉ-රාජ්‍ය පිළිබඳ පශ්චාත් උපාධි  පාඨමාලා හැදෑරීම සඳහා තිස් දෙනෙකුට පමණ පහසුකම් සලසා දී  තිබේ. ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනයේ (ICTA) මානව සම්පත් ප්‍රවර්ධන වැඩසටහන සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය පශ්චාත් උපාධි කළමනාකරණ ආයතනය (PIM) ඒකාබද්ධව මෙය ක්‍රියාවට නංවා ඇතැයි නියෝජිතායතනයේ වැඩසටහන් කළමනාකරු සමීර ජයවර්ධන මහතා පවසයි. විශේෂයෙන්ම රාජ්‍ය අංශය තුළ ඉ-රාජ්‍ය කටයුතු ආයතන මට්ටමින් ක්‍රියාවට නැංවීමේ වැඩි වගකීමක් පැවරී තිබෙන්නේ මෙම  ප්‍රධාන නවිකරණ නිලධාරීන්ට සහ  ජේෂ්ඨ කළමනාකරුවන්ට බවත් ඒ අනුව මෙවැනි උසස් අධ්‍යාපන අවස්ථා ඔවුන්ට උදාකර දීම තුළින් ඉදිරි ඩිජිටල් ශ්‍රී ලංකාවක් දැක්ම යථාර්ථයක් කර ගැනීමට මහගු  රුකුලක් වන බවත් නියෝජිතායතනය  සදහන් කරයි. එසේම ජාතික මට්ටමින් රාජ්‍ය අංශයේ සියලු නිලධාරීන් ඉලක්ක කර ඩිජිටල් රාජ්‍ය සම්බන්ධයෙන් මානව  සම්පත ප්‍රවර්ධනය සඳහා වැඩසටහන් රැසක් ක්‍රියාවට නංවා ඇතැයිද නියෝජිතායතනය වැඩිදුරටත් සඳහන් කරයි.මෙම උසස් අධ්‍යාපන වරම් හිමිකර දීමේ ශිෂ්‍යත්ව ප්‍රදානය නොබෝදා පශ්චාත් උපාධි කළමනාකරණ ආයතනය දී (PIM) පැවැත්විණි.  මෙම අවස්ථාවට විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යංශයේ අතිරේක ලේකම් චන්දන රුද්‍රිරුගූ නියෝජිතායතනයේ  අධ්‍යක්‍ෂ (ව්‍යාපෘති) අරුනේෂ් පීටර් පශ්චාත් උපාධි ආයතනයේ අධ්‍යක්‍ෂ මහාචාර්ය අජන්ත ධර්මසිරි අධ්‍යක්‍ෂ ආචාර්ය ලොයිඩ් ප්‍රනාන්දු   යන මහත්වරුද මෙම අවස්ථාවට එක්වුහ.
(ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව)

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.