Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ඩිජිටල් ශ්‍රී ලංකාවක් තුළ මෙරට පාසල් අධ්‍යාපන ක්ෂේත්‍රය සකස් විය යුතු ආකාරය පිළිබඳව අධ්‍යාපන බලධාරීන් දැනුවත් කිරීමට පියවර ගෙන තිබේ. මෙහි ප්‍රථම පියවර වශයෙන් දිවයින පුරා සිටින  කලාප අධ්‍යාපන කාර්යාල තොරතුරු තාක්ෂණ සම්බන්ධීකරණ නිලධාරීන්  දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණ මාලාවක් ආරම්භ කර තිබේ.

අධ්‍යාපන අමාත්‍යංශය විදුලි සන්දේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යංශය සහ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය(ICTA) ඒකාබද්ධව මෙය සංවිධානය කර තිබිණි.

ඩිජිටල් තාක්ෂණය අධ්‍යාපන ක්ෂේත්‍රය සදහා‍ යොදාගැනීම සම්බන්ධයෙන් දේශීය හා ජාත්‍යන්තර වශයෙන් පුළුල් අත්දැකීම් සහිත වෘත්තීයවේදීන් විද්වතුන් මෙන්ම තොරතුරු තාක්ෂණ විද්‍යාඥයින් මෙම සම්මන්ත්‍රණයේදී සිය අදහස් දැක්වීය. "ඩිජිටල් අධ්‍යාපනයෙන් සවිබල ගැන්වු හෙටක්" යන තේමාව යටතේ මෙම සම්මන්ත්‍රණය පැවති අතර ඩිජිටල් තාක්ෂණය අධ්‍යාපන ක්ෂේත්‍රය සඳහා යොදා ගැනීමෙන් රටකට ලැබෙන ප්‍රතිලාබ පිළිබඳව මෙහිදී පුළුල් ලෙස අදහස් හුවමාරු කර ගැනිණි.

ශිෂ්‍යය සහ ගුරු ප්‍රජාව වෙත තොරතුරු තාක්ෂණ යටිතල පහසුකම් ලබා දීම ,අධීක්ෂණය හා ඇගයීම,ප්‍රතිපත්ති හා රජය,වැඩසටහන් කළමනාකරණය ඩිජිටල් විෂය මාලාවේ අන්තර්ගතය ඇගැයීම යන විෂයන් යටතේ මෙම සම්මන්ත්‍රණය පැවැත්විණි.

මෙහිදී අදහස් දැක්වු අධ්‍යාපන  අමාත්‍යාංශයේ ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතා සඳහන් කර සිටියේ ඩිජිටල් අධ්‍යාපන පහසුකම් මෙරට පාසල් දරු දැරියන් වෙත කිසිදු බේදයකින් තොරව  එක සමානව ලබාදීම අරමුණ බවත් මේ වන විට ඒ වෙනුවෙන් ඉතා ප්‍රායෝගික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙමින් තිබෙන බවත්ය.

මෙහිදී අදහස් දැක්වු තාක්ෂණය තුළින් අධ්‍යාපනය පරිවර්තනය කිරීම පිළිබද ගෝලීය විශේෂඥ රොබට් ‍ෆොගෙල්  මහතා සදහන් කළේ ඩිජිටල් අධ්‍යාපනය රටේ දරුවන් වෙත ලබා දීම සදහා මේ වන විට  ශ්‍රී ලංකාව ගෙන තිබෙන පියවරයන් ගැන සතුටු විය හැකි බවත් තවත් බොහෝ දුරක් යෑමට තිබෙන බවත්ය.

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය අජිත් මදුරප්පෙරුම මහතා මෙහිදී සඳහන් කළේ මේ වන විට ශ්‍රී ලංකාව  ඩිජිටල් තාක්ෂණයෙන් සවිබල ගැන්වීම සඳහා නියෝජිතායතනය  තනිව මෙන්ම රාජ්‍ය සහ පෞද්ගලික ආයතන ඒකාබද්ධ කර ගනිමින් වැඩසටහන් රැසක් ක්‍රියාවට නංවා තිබෙන බවත් එහි ඇතැම් ප්‍රතිලාභ සමාජය මේ වන විට බුක්ති විදිමින් සිටින බවත් පාසල්  අධ්‍යාපන ක්ෂේත්‍රය සඳහා ඩිජිටල් තාක්ෂණය යොදා ගැනීම අනාගත ආයෝජනයක් සේ තමන් දකින බවත්ය.

නියෝජිතායතනයේ ජේෂ්ඨ උපදේශක ඉන්දික ද සොයිසා වැඩසටහන් කළමනාකරු සමීර ජයවර්ධන යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

(රජයේ නිල පුවත් සේවය)

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.