Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

පවතින වැසි සහිත කාලගුණය සහ කීට විද්‍යා සමීක්ෂණ වාර්තා අනුව ඉදිරි මාස කිහිපය තුළ ඩෙංගු රෝගය පැතිරීමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.  මේ හේතුවෙන් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් මත හෙට (10) සහ අනිද්දා (11) යන දෙදින මදුරු මර්දන වැඩසටහනක් කොළඹ දිස්ත‍්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් ක‍්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්ත මේන්තුව සඳහන් කරයි.

2016 වර්ෂයේ ජනවාරි සිට මේ දක්වා ඩෙංගු රෝගීන් 44,822 ක් හමු වී ඇති අතර, කොළඹ, ගම්පහ, මහනුවර, කුරුණෑගල, රත්නපුරය, කෑගල්ල, යාපනය සහ මාතර යන දිස්ත‍්‍රික්කවලින් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත. 2016 වර්ෂයේ සිදු කළ විවිධ වැඩසටහන් හරහා පරිශ‍්‍ර ලක්ෂ 20ක් පරික්ෂාවට ලක් කර ඇත. නිවාස ආශ‍්‍රිතව මදුරු කීටයින් බෝවන ස්ථානවල සැළකිය යුතු අඩුවීමක් දක්නට ලැබෙයි. රාජ්‍ය සහ පෞද්ගලික ආයතන, පාසල් සහ අනෙකුත් අධ්‍යාපන ආයතන, ආගමික ස්ථාන, කර්මාන්ත ශාලා සහ ඉදිකිරීම් වැඩ බිම් මදුරු කීටයින් බෝවන ස්ථාන ලෙස හඳුනාගෙන ඇත. 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.