ඩෙංගු පැමිණිලි සදහා බස්නාහිර පළාතට මධ්‍යස්ථාන 03 ක් - ධූමායන කටයුතු විධිමත් කිරිමට පියවර
- 2016-12-19 11:32:21
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් මත පසුගිය සදුදා (12) ආරම්භ කළ දීප ව්‍යාප්ත ඩෙංගු මර්දන වැඩසටහනේ දත්තවලට අනුව ඩෙංගු රෝග ව්‍යාප්තියේ අඩුවක් දක්නට ලැඛෙන බව ජාතික ඩෙංගු මර්දන වැඩසටහන සදහන් කරයි.
දිස්ත්‍රික්ක 10 ක ඩෙංගු රෝගීන් වාර්තාවීම වැඩිවී තිබූ අතර, ඒ සදහා සෞඛ්‍ය අමාත්‍යවරයාගේ මැදිහත්වීමෙන් විශේෂ වැඩපිළිවෙලක් දියත් කෙරුණි. බස්නාහිර පළාත තුල ඩෙංගු රෝගීන් වැඩි වශයෙන් වාර්තා වී තිබූ අතර, එම ප්‍රදේශවල ධුමායන කටයුතු අඛණ්ඩව සිදු කිරිමට පියවර ගැනුණි.
මදුරු මර්දන ක්ෂේත්‍ර සහායකයින්ගෙන් 500 ක් බස්නාහිර පළාතට බඳවා ගැනීමට ද සෞඛ්‍ය අමාත්‍යවරයා තීරණය කර ඇත. ධූමායන කටයුතු සදහා ඩෙංගු රෝගීන් වාර්තා නොවන ප්‍රදේශවල සෞඛ්‍ය සේවකයින් කැඳවීමට ද සෞඛ්‍ය අමාත්‍යවරයා උපදෙස් ලබා දී ඇත. ධූමායන කටයුතු සදහා අවශ්‍ය යන්ත්‍ර 820 ක් ගුවන් මගින් දිවයිනට ගෙනඒමට ද සෞඛ්‍ය අමාත්‍යවරයා තීරණය කර තිබේ.
දැනට ධූමායන කටයුතු සදහා දිවයින පුරා ඇත්තේ යන්ත්‍ර 380 ක් පමණයි. බස්නාහිර පළාත කේන්ද්‍ර කර ගනිමින් පැමිණිලි මධ්‍යස්ථාන 03 ක් ස්ථාපිත කිරිමට ද නියමිතය. එම මධ්‍යස්ථාන පැය 24 පුරා ක්‍රියාත්මක අතර, එම මධ්‍යස්ථාන වලට පොලිස් නිලධාරින් ද අනුයුක්ත කිරීමට නියමිතය.
ඩෙංගු රෝගීන් වාර්තා වුවහොත් එම ප්‍රදේශවල ධූමායන කටයුතු ක්ෂණිකව සිදු කිරිම මධ්‍යස්ථාන බාර නිලධාරින්ගේ වගකීම වෙි. ඩෙංගු මදුරු මර්දන වැඩසටහන සදහා තාවකාලිකව දෛනික වැටුප් මත කම්කරුවන් බදවා ගැනීමට ද සෞඛ්‍ය අමාත්‍යවරයා උපදෙස් ලබා දී ඇත.
නැගෙනහිර පළාතේ කල්මුණේ ප්‍රදේශයෙන් මුහුදට කැළිකසල බැහැර කිරිම නිසා ඩෙංගු මදුරුවන් බෝවීෙමි ප්‍රවණතාවයක් ද දක්නට ලැබෙි. එලෙස කැළිකසල බැහැර කිරිම නතර කිරිමට පළාත් පාලන ආයතන පියවර ගත යුතු බව සෞඛ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි. (18) දිනය වනවිට ඩෙංගු රෝගීන් 48,682 ක් වාර්තා වී තිබු අතර, සිදුව ඇති මරණ සංඛ්‍යාව 77 කි.
කොළඹ මහ නගර සභා බල සීමාෙවි විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් පසුගිය සිකුරාදා (16) දිනය පුරා පැවැත්විනි. උතුරු කොළඹ ප්‍රදේශයේ මෝදර, මට්ටක්කුලිය වැනි ප්‍රදේශ සහ දෙමටගොඩ, බොරැල්ල හා කිරුළපන නගර ආශ්‍රිතව ඩෙංගු රෝගීන් වාර්තාවීම වැඩි වී ඇත. ත්‍රිවිධ හමුදාව, පොලීසිය, සෞඛ්‍ය සේවකයින්ගෙන් සැදුම්ලත් කණ්ඩායම් 60 ක් එම ඩෙංගු මදුරු මර්දන වැඩසටහනට එක්ව සිටියහ.
මෙහිදී අදහස් දැක් වූ ජාතික ඩෙංගු මදුරු මර්දන වැඩසටහනේ ජාතික සම්බන්ධීකාරක වෛද්‍ය හසිත තිසේරා මහතා කියා සිටියේ මදුරුවන්ගේ පාලනයක් ඇති කිරිම සදහා මෙම මදුරු මර්දන වැඩසටහන ක්‍රියාත්මක කරන බවයි. දෙසැම්බර් සහ ජනවාරි මාස වල පවතින වැසි සහිත කාලගුණය හේතුවෙන් මදුරු ඝණත්වය වැඩිවීම අවම කර ගැනීම සදහා ධූමායන කටයුතු සිදු කළ යුතු බව ද ඔහු පෙන්වා දුන්නේය.
මෙම අවස්ථාවට නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් මහජන සෞඛ්‍ය වෛද්‍ය සරත් අමුණුගම මහතා, ජාතික ඩෙංගු මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ වෛද්‍ය මොහොමඩි තවුෆික් මහතා ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.
(රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව)
Reply To:
Name - Reply Comment
0 Comments