තන්තිරිමලේ ලංකාදීප පොසොන් ආලෝක පූජාවට සැරසෙයි
- 2017-06-08 18:42:49
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සීමාසහිත විජය පුවත්පත් සමාගම සහ ලංකාදීප පුවත්පතව වාර්ෂිකව සංවිධානය කරන ඵෙතිහාසික තන්තිරිමලේ ආලෝක පූජාව අද(8) සිට දින තුනක් පුරා පැවැත්වේ.
අද පස්වරු 7ට ආගමික වතාවත්වලින් පසු විජය පුවත්පත් සමාගමේ සභාපති රංජිත් විජයවර්ධන මහතාගේ සුරතින් තන්තිරිමලේ අලෝක පුජාව විවෘත කිරීමට නියමිතය.
මේ වනවිට දහස් ගණනින් බැතිමත්හු තන්තිරිමලේ පුදබිමට පැමිණ සිටිති.
තන්තිරිමලේ රජමහා විහාරාධිපති තන්තිරිමලේ චන්දරතන නාහිමියන්ගේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අලෝක පූජාවට විජය පුවත්පත් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය ඇතුළු සමාගම් කාර්ය මණ්ඩල සාමාජිකයෝ එක්වෙති.
මෙවර තන්තිරිමලේ ආලෝක පූජාව පැවැත්වෙන්නේ අඛන්ඩව 14 වැනි වරටය.
(බිඟුන් මේනක ගමගේ, ඡායාරූප - ඉෂාන් සංජීව)
(ලංකාදීප ඇසුරිනි)
Reply To:
Name - Reply Comment
0 Comments