තඹුවා ඇල්ලීම තහනම්
- 2017-06-22 10:58:59
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
'තඹුවා නැමැති මීටර් 20ක් පමණ ගැඹුරු මුහුදේ ගල්පර ආශ්‍රිතව වෙසෙන පරිසර හිතකාමී මත්ස්‍ය විශේෂය වද වී යාමේ තර්ජනයට ලක් ව ඇති නිසා ඔවුන් ඇල්ලීම තහනම් කළ බව ධීවර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
මේ වනවිට මත්ස්‍ය විශේෂ කිහිපයක් ශ්‍රී ලංකා මුහුදු කලාපයෙන් වඳ වී යාමේ තර්ජනයට මුහුණ පා ඇත. ඒ අනුව තඹුවා, කොස්සා, බොරළුවා, ගිරවා වැනි මසුන් තර්ජනයට ලක්ව ඇති බවත්, ඊට ප්‍රධාන හේතුව වැඩුණු මසුන් ඇල්ලීම වෙනුවට ධීවර කාර්මිකයන් විසින් ඉවක්බවක් නැතිව කුඩා මත්ස්‍ය පැටවුන් පවා අල්ලා අලෙවි කිරීම බවත් අමාත්‍යවරයා පැහැදිළි කළේය.
තඹුවා යනු වසර 12ක් පමණ දීර්ඝ ආයු කාලයක් සහිත, අවුරුදු 05කදී බිත්තර දැමීමට පටන් ගන්නා සෙමින් බෝවන පරිසර හිතකාමී මත්ස්‍ය විශේෂයකි. මෙම මසුන් සමග සහජීවනයෙන් කටයුතු කරන රතු ඉස්සා නැමති මුහුදු ඉස්සන් විශේෂයද තඹුවා විනාශ විමත් සමග වඳ වී යාමේ තර්ජනයට ලක් ව සිටී.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments