ත්‍රිපිටක ධර්ම පීඨයේ පාඨමාලා සඳහා භික්ෂුන් වහන්සේලට අවස්ථාවක්
- 2017-09-05 09:54:46
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ථෙරවාදී, මහා විහාරීය, ත්‍රිපිටක ධර්ම පීඨයේ බාහිර (අනේවාසික) පාඨමාලා ආරම්භ කරන බව ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා සංඝ මූලස්ථානය නිවේදනය කරයි. සිසුන් ලියාපදිංචි කිරීම හා සමාරම්භක උත්සවය සැප්තැම්බර් මස 14 වැනිදා පෙරවරු 9.00ට මූලස්ථානයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර පඨමාලා ආරම්භය සැප්තැම්බර් මස 24වැනිදා සිදු කෙරේ. නොමිලයේ පැවැත්වෙන මෙම පාඨමාලාව සඳහා වයස අවුරු 17 ට වැඩි ත්‍රෛනිකායික සාමණේර. උපදම්පදා ඕනෑම භික්ෂු නමකට සහභාගි විය හැකි බව ත්‍රිපිටක අධ්‍යාපන මණ්ඩලයේ ලේකම් මහාචාර්ය අත්තංගනේ රතනපාල මහා ස්ථවිරයන් වහන්සේ විසින් නිවේදනය කර ඇත. 566, ඇල්විටගල මාවත, කොළඹ 5 ලිපිනයෙහි පාඨමාලා පැවැත්වේ.
සූත්‍රාන්ත ධර්ම අධ්‍යයනය, අභිධර්ම අධ්‍යයනය, විනය අධ්‍යයනය විෂය පතයන් පඨමාලාවට අයත්වේ. සෙනසුරාදා ඉරිදා දිනවල දී පැවැත්වෙන පාඨමාලව වසර දෙකකි.
Reply To:
Name - Reply Comment
0 Comments