තීන්ත, වාර්නිෂ් වැනි ද්‍රාවණවල සියලු තොරතුරු ඕනෑ නීතිය ජනවාරි 01 සිට ක්‍රියාත්මකයි
- 2016-10-07 07:38:32
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ගොඩනැගිලි කර්මාන්තය සඳහා යොදාගන්නා සියලුම තීන්ත, වාර්නිෂ් වැනි ද්‍රාවණ බෝතල්, ඇසුරුම් හා බහාලුම්වල ලබන වසරේ ජනවාරි පළමුවැනිදා සිට සියලුම තොරතුරු පැහැදිලිව සටහන් කළ යුතු බව පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කරයි.
මේ අනුව සියලුම ලේබල්වල කාණ්ඩ අංකය, නිෂ්පාදිත දිනය, කල්ඉකුත්වීමේ දිනය, පරිමාව, උපරිම සිල්ලර මිල, තීන්තවල අඩංගු සම්පූර්ණ ඊයම් ප්‍රමාණය ආදිය සටහන් කළ යුතු බවද එම අධිකරියේ සභාපති හසිත තිලකරත්න මහතා සඳහන් කළේය.
තීන්තවල අඩංගුවියයුතු ඊයම් ප්‍රමාණය පිළිබඳ 2011.09.30 වැනිදා සහ අංක 1725/30 දරණ ගැසට් නිවේදනය මගින් ප්‍රකාශයට පත්කර තිබෙන බවද පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කරයි.
2003 අංක 09 දරණ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනත මගින් පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම නියෝග නිකුත් කරන බවත්, මෙම නියෝග කඩකරන පුද්ගලයන්ට එරෙහිව ජනවාරි පළමුවැනිදායින් පසු නීතිය ක්‍රියාත්මක කරන බවත් පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන්කරයි.
Reply To:
Name - Reply Comment
0 Comments