Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

දිවයින පුරා පාසල් මට්ටමින් ස්ථාපිත කර තිබෙන තොරතුරු තාක්‍ෂණ ශිෂ්‍ය  සමාජ තවදුරටත් සවිබල ගැන්වීමට පියවර ගෙන තිබේ. ඒ අනුව පාසල් ප්‍රජාව සඳහා ඩිජිටල් අධ්‍යාපනය සහ ඩිජිටල් තාක්‍ෂණය පිළිබඳ දැනුම ලබා දෙනු ඇත. ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය (ICTA) සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ තොරතුරු තාක්‍ෂණ ශාඛාව ඒකාබද්ධව මෙය ක්‍රියාවට නංවා තිබේ. මෙහිදී නවීන තොරතුරු තාක්‍ෂණ උපකරණ භාවිතය පිළිබඳව ද ප්‍රායෝගික පුහුණුවක් ලබා දෙන බව නියෝජිතායතනය පවසයි. විශේෂයෙන්ම මෙහිදී  පාසල් ප්‍රජාවට තොරතුරු තාක්‍ෂණ ක්ෂේත්‍රයේ පවතින අනාගත අවස්ථාවන් උදාකර ගැනීම මෙන්ම  සයිබර් අවකාශය තමාට මෙන්ම සමාජයට හිතකර ලෙස භාවිතා කරන්නේ කෙසේද යන්න පිළිබඳවද දැනුවත් කරන බව ද නියෝජිතායතනය පවසයි. දිස්ත්‍රික්කයක් ආවරණය වන පරිදි අධ්‍යාපන කලාප මට්ටමින් එක් වරකට  ‍පාසල් 15කට පමණ  මෙම පුහුණුව ලබා දෙන අතර තෝරාගත් පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් ගුරුමහත්ම මහත්මීන් විදුහල්පතිවරුන් සහ අධ්‍යාපන පරිපාලන නිලධාරීන් මෙම වැඩසටහන සඳහා සම්බන්ධ වේ. මේ වන විට අනුරාධපුරය පොලොන්නරුව රත්නපුරය  කෑගල්ල මාතලේ මහනුවර මොණරාගල බදුල්ල  නුවරඑළිය හා  පුත්තලම යන දිස්ත්‍රික්කවල මෙම වැඩසටහන සාර්ථකව අවසන් කර තිබේ. මේ වන විට තොරතුරු තාක්‍ෂණ ශිෂ්‍ය  සමාජ ස්ථාපිත කර නොමැති පාසල්වල  එම සමාජ ස්ථාපිත කිරීමටද මෙහිදී පියවර ගනු ලැබේ.

(රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව)

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.