Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

දකුණු ආසියාවේ ජීවන තත්ත්වයෙන් උස්සම  නගරය ලෙස ශ්‍රී ලංකාවේ කොළඹ නගරය පත්ව තිබේ. ලන්ඩනයේ සිට ක්‍රියාත්මක මර්සර් ආයතනය විසින් ගණනය කරනු ලබන මෙම දර්ශකය අනුව ලෝකයේ නගර 231කින් 132 වැනි ස්ථානයට කොළඹ නගරය පත්ව තිබේ.

ඉන්දියාවේ හයිද්‍රාබාද් නගරය මෙම ශ්‍රේණිගත කිරීම්හි 144 වැනි ස්ථානයට පත්ව ඇති අතර එය ඉන්දියාව තුළ ජීවන තත්ත්වයෙන් උසස්ම නගරය මෙන්ම දකුණු ආසියාවේ දෙවැනි හොඳම නගරය වෙයි.

මෙවර එම දර්ශකය ගණනය කරනු ලැබ ඇත්තේ 19 වැනි අවස්ථාවටය. දේශපාලන හා සමාජ පරිසරය, අර්ථික පරිසරය, සමාජ සංස්කෘතික පරිසරය, වෛද්‍ය හා සෞඛ්‍ය තත්ත්වය, පාසල් හා අධ්‍යාපනය, රාජ්‍ය සේවය හා ප්‍රවාහනය, පාරිභෝගික භාණ්ඩ, නිවාස හා ස්වාභාවික පරිසරය යන කාණ්ඩ 10ක දත්ත විශ්ලේෂණය කර මෙම දර්ශකය ගණනය කරනු ලබයි.

ඒ අනුව ජීවන තත්ත්වයෙන් උසස්ම නගරය ලෙස ඔස්ට්‍රියාවේ වියනා නගරයත් පහත්ම නගරය ලෙස ඉරාකයේ බැග්ඩෑග් නගරයත් නම්ව ඇත.

ජීවන තත්ත්වයෙන් උසස්ම නගර

වියනා - ඔස්ට්‍රියාව, සූරිච් - ස්විට්සර්ලන්තය, ඔක්ලන්ඩ් - නවසීලන්තය, මියුනිච් - ජරමනිය, වැන්කූවර් - කැනඩාව, ඩසෙල්ඩෝඨ් - ජර්මනිය,  ෆ්‍රෑන්ක්ෆර්ට් - ජර්මනිය, ජිනීවා - ස්විට්සර්ලන්තය, බැසෙල් - ස්විට්සර්ලන්තය, සිඩ්නි - ඔස්ට්‍රේලියාව

ජීවන තත්ත්වයෙන් පහත්ම නගර

කොනාක්රි - ගිනියාව, කින්ෂාසා - කොංගෝව, බ්‍රැසැවිල් - කෝංගෝව, ඩැමැස්කස් - සිරියාව, න්ඩ්ජාමෙනා - චැඩ්, ඛාර්ටොයුම් - සුඩානය, පාට් අයූ ප්‍රින්ස් - හයිටි, සානා - යේමනය, බංගි - මධ්‍යම අප්‍රිකාව, බැග්ඩෑග් - ඉරාකය

නිරෝෂා ප්‍රියදර්ශනී

main 750

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.