දරුවන්ගේ රැකවරණය සහ ආරක්‍ෂාව තහවුරු කිරීමට වෙබ් අඩවියක්
- 2017-03-10 14:19:22
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ජාතික ළමාරක්‍ෂක අධිකාරිය සහ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය (ICTA) ඒකාබද්ධව මෙය ක්‍රියාවට නංවා ඇත.
විශේෂයෙන්ම දරුවන් දෙමාපියන් සහ ගුරුවරුන් යන තෙපාර්ශවයටම අනෝන්‍යය වශයෙන් වැදගත් තොරතුරු මෙම වෙබ් අඩවිය ඔස්සේ දැනුම්වත් වීමට හැකි වන බව නියෝජිතායතනය පවසයි.
විශේෂයෙන්ම වර්තමාන සමාජයේ බහුල වෙමින් පවතින ළමා අපයෝජන සහ ළමා අපචාරයන්ගෙන් දරුවන් ගොදුරුවීම වලක්වා ගත හැකි පුර්ව ආරක්‍ෂක ක්‍රියාදාමයන් මෙන්ම උපක්‍රම පිළිබඳව දරුවන් දෙමාපියන් මෙන්ම ගුරුවරුන් දැනුම්වත් කිරීම පිළිබඳව මෙම වෙබ් අඩවිය මගින් වැඩි අවධානයක් යොමු කර තිබේ.
දරුවකු මව්කුස පිළිසිද ගැනීමේ සිට මෙළොවට බිහිකිරීම දක්වා මෙන්ම දරුවා හදා වඩා ගැනීමේදී මවට මෙන්ම දරුවාටද වැදගත් කරුණු මෙම වෙබ් අඩවියට ඇතුලත් වන අතර එම සියලු තොරතුරු අදාළ ක්ෂේත්‍රයන්හි විශේෂඥ දැනුම සහිත ප්‍රවීනයින්ගෙන් ලබා ගෙන තිබේ.
වෙබ් අඩවියේ තොරතුරු පිළිබඳව වැඩිදුර දැනුම්වත් කිරීම් සඳහා ජායාරූප වීඩීයෝ දර්ශන මෙන්ම සාකච්ජා ද යොදා ගැණේ.
තවද විද්වතුන් පර්යේෂකයන් ඇතුලු බාහිර පාර්ශවයන්ටද දරුවන් සම්බන්ධයෙන් සිදු කරන ලද සමීක්‍ෂණ සාකච්ජා සම්මන්ත්‍රණ පිළිබඳ තොරතුරු වෙබ් අඩවියට එක් කිරීමට පහසුකම් සැලසේ.
ළමා ප්‍රජාව ගොදුරු වන අපයෝජන අපචාර පිළිබඳව අදාළ ආයතන වෙත පැමිණිලි කිරීමටද වෙබ් අඩවිය ඔස්සේ ජනතාවට පහසුකම් සළසා තිබේ.
වෙබ් අඩවියට ඇතුලත් කෙරෙන සියලු තොරතුරු ජාතික ළමාරක්‍ෂක අධිකාරියේ පුර්ණ අධීක්‍ෂණය යටතේ සිදු කෙරෙන බව එම ආයතනය වැඩිදුරටත් සඳහන් කරයි.
(ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව)
Reply To:
Name - Reply Comment
0 Comments