දරුවන්ගේ සෞඛ්‍යය නංවන්න අධ්‍යාපන සහ සෞඛ්‍ය අමාත්‍යාංශවලින් නව වැඩසටහන්
- 2018-03-08 11:45:32
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පාසල් දරුවන් අතර පවතින පෝෂණ ගැටලු, මත් උවදුර සහ බෝ නොවන රෝග තත්ත්වයන් සහ මෙරට ජනගහණයෙන් සුළු ප්‍රතිශතයක් අතර පවත්නා තැලසීමියා රෝගී තත්ත්වයෙන් ඇතිවන බලපෑම්වලින් පාසල් ප්‍රජාව ආරක්ෂා කිරීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව ද මෙහිදී දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡාවට ලක්විය.
පාසල් දරුවන්ගේ පෝෂණ ගැටලු අවම කිරීම සඳහා පාසල් ආපනශාලා සම්බන්ධයෙන් නිකුත් කර ඇති චක්‍රලේඛ තවදුරටත් ශක්තිමත් කිරීම සඳහාත් සීනි අධික ආහාර සහ පාන වර්ග මෙන්ම දරුවන් අතර ස්ථුලභාවය ඇතිවීම සඳහා බලපාන ආහාර භාවිතයෙන් ද දරුවන් ඈත් කිරීම සඳහාත් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී අවධානය යොමු විය.
මීට අමතරව පාසල් විෂය මාලාවේ දැනට ඇතුළත්ව ඇති සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යයන විෂයට අදාළව සෞඛ්‍යය ආරක්ෂණය හා සම්බන්ධයෙන් ඇති විෂය කරුණු අනිවාර්යයෙන්ම දරුවන් සඳහා ඉගැන්වමේ වැඩසටහනක් සකස් කිරීමට ද මෙහිදී යෝජනා විය.
පාසල් දරුවන් ගොදුරුවන බෝ නොවන රෝගවලින් ඔවුන්ව ආරක්ෂා කරගැනීම සහ ඔවුන්ට ලබාදෙන ප්‍රතිජීවක එන්නත් සම්බන්ධයෙන් ද කරුණු සාකච්ඡා වූ අතර තවදුරටත් දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය ඉහළ නැංවීම සඳහා විශේෂ වැඩසටහන් රැසක් ඒකාබද්ධව දියත් කිරීමට මෙහිදී එකඟතාවය පළවිය. එමෙන්ම තැලසීමියා රෝගයෙන් රටේ අනාගත පරපුර මුදා ගැනීම උදෙසා, ඒ පිළිබඳව පාසල් මට්ටමින් දීපව්‍යාප්ත සෞඛ්‍ය වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ද මෙහිදී යෝජනා විය. ඒ අනුව තැලසීමියා රෝගයට අදාළ රුධිර පරීක්ෂණ පාසල්විය තුළදීම සිදුකිරීම පිළිබඳව ද අවධානය යොමු විය.
මෙහිදී අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළේ අමාත්‍යාංශ දෙකෙහිම නිලධාරීන් එකාබද්ධව විශේෂ කමිටුවක් හරහා ඉදිරි වැඩකටයුතු ක්‍රියාවට නැංවීමට පියවර ගන්නා ලෙසයි.
සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස, අධ්‍යාපන අමාත්‍යවරයා සමඟ එක්ව දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය ආරක්ෂා කිරීමට එම වැඩසටහනට නායකත්වය ලබාදීමට තමා සූදානම් බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ද මෙහිදී සඳහන් කළේය.
මේ අවස්ථාවට අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් සහ සෞඛ්‍ය අමාත්‍යාංශය නියෝජනය කරමින් එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් චම්පිකා වික්‍රමසිංහ මහත්මිය ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.
(රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව)
Reply To:
Name - Reply Comment
0 Comments