Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ජාතියේ ජීවනාලිය වන දරු පරපුර ආරක්ෂාකර ගැනීම හා ඔවුන්ගේ කායික සහ මානසික සංවර්ධනයට හිතකාමී වඩා යහපත් පරිසරයක් ගොඩනැගීම අරමුණු කර ගනිමින් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ සංකල්පයකට අනුව කි‍්‍රයාත්මක “දරුවන් සුරකිමු ජාතික වැඩසටහනේ පොළොන්නරුව දිස්ති‍්‍රක් සමුළුව අද (10දා) පෙරවරුවේ පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ආරම්භවිය.

සමාජය තුළ දැනට පැතිර පවතින විවිධ ව්‍යසනයන්ගෙන් දරු පරපුර ආරක්ෂා කරගැනීම ප‍්‍රමුඛ අවශ්‍යතාවයක් ලෙස හඳුනාගෙන අපයෝජනය සහ අපහරණය වැළැක්වීම, ආරක්ෂාව තහවුරු කිරීම, සෞඛ්‍ය පෝෂණය හා සුබසාධනය, පෞරුෂ සංවර්ධනය, අධ්‍යාපන හා ජීවන කුසලතා නැංවීම යන පස්වැදෑරුම් අංශ ඔස්සේ දරුවන් සුරකිමු ජාතික වැඩසටහන ජනාධිපති කාර්යාලය යටතේ ප‍්‍රමුඛ ව්‍යාපෘතියක් ලෙස කි‍්‍රයාවට නැංවේ.

එහි සමාරම්භක අවස්ථාව පසුගිය සැප්තැම්බර් මාසයේදී මහනුවර දිගන, පළාත් ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වුණු අතර දරුවන් සුරකිමු ජාතික වැඩසටහනේ 2017-2019 ජාතික සැලැස්ම ද එහිදී එළිදැක්විණි.

තෝරාගත් ළමා නිවාස 05 ක් නවීකරණය හා ප‍්‍රතිසංස්කරණය, වකුගඩු රෝගී අවදානමෙන් දරුවන් මුදා ගැනීම සඳහා පිරිසිදු පානීය ජල පහසුකම් නොමැති පාසල් 20 කට ප‍්‍රතිආශ‍්‍රැතකරණ ජල පිරිපහදු කට්ටල ලබාදීම, තිරසර පාසල් වැඩසටහන යටතේ තෝරාගත් පාසල් 381 ක් සඳහා එක් පාසලකට රුපියල් 50,000 බැගින් ප‍්‍රතිපාදන ලබාදීම හා දරුවන් යහපත් සෞඛ්‍ය පුරුදුවලට හුරුකිරීම සඳහා අවශ්‍ය උපකරණ ලබාදීම, ආබාධ සහිත පාසල් දරුවන් සඳහා රෝද පුටු, අත්වාරු, ඇස් කණ්ණාඩි ආදි උපකරණ ලබාදීම සහ පූර්ව ළමා විය සංවර්ධනය සඳහා තෝරාගත් පෙර පාසල් 45කට අවශ්‍ය පහසුකම් සහ පාසල් දරුවන් 1000 ක් සඳහා පොත් බෑග් ලබාදීම ආදි වැඩසටහන් ද ඒ යටතේ කි‍්‍රයාත්මක කෙරේ.

එමෙන්ම මනෝ උපදේශනය, නීති උපදේශනය හා පැමිණිලි භාරගැනීම සඳහා ජංගම බස්රථයක් කි‍්‍රයාත්මක කිරීම ද එදින සිදු වේ.

ලෝකයේ දියුණු රටවල කරන ලද සමාජීය හා විද්‍යාත්මක පර්යේෂණ තුළින් අනාවරණය කරගෙන ඇත්තේ පුද්ගලයන්ගේ කුසලතා හා ආකල්ප හැඩගැස්වීම උදෙසා ළමා වියෙහි දී සිදුවන මානසික බලපෑම් සෘජුවම හේතු වන බවයි.

යහපත් සමාජයක් ප‍්‍රතිනිර්මාණය උදෙසා ළමා වියෙහි මානසික සංවර්ධය ක‍්‍රමානුකූලව, විධිමත්ව සහ යහපත් ආකාරයෙන් සිදු කළ යුතු අතර ඒ තුළින් ඵලදායී, ගුණගරුක, නීතිගරුක සහ යහපත් පුරවැසියන් නිර්මාණය කර ගැනීමට අවකාශ සැලසෙනු ඇත.

 “දරුවන් සුරකිමු” ජාතික වැඩසටහන යටතේ කි‍්‍රයාත්මක තිරසර පාසල් වැඩසටහන යටතේ දරුවන්ගේ කියවීමේ රුචිය ප‍්‍රවර්ධනය කෙරෙන වැඩසටහන් රැසක් ද කි‍්‍රයාත්මකය.

“දරුවන් සුරකිමු” ජාතික වැඩසටහන යටතේ 2018 වසර තුළ විශේෂ කාර්යයන් රැසක් කි‍්‍රයාත්මක කිරීමට සැලසුම් කර තිබෙන අතර, ඒ සඳහා වෙන්කර තිබෙන මුදල රුපියල් මිලියන 250 කි.

නිරෝෂා ප්‍රියදර්ශනී

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.