Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

කාවන්තිස්ස මහ රජුගේ දියණියක් සහ දුටුගැමුණු රජුගේ සොහොයුරියක් ගැන කියැවෙන දුර්ලභ අභිලේඛනයක් මාතර තාරකා කොටුවෙන් හමුවූ බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.පුරා විද්‍යා දෙපාර්තමේන්තුව විසින් රුහුණේ සිදුකළ ගවේෂණ කටයුතුවල දී ඉතා දුර්ලභ අභිලේඛනය හමුවූ බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි.

ඉපැරණි පාත්‍රයක බඳ කොටසක් ලෙස හඳුනාගෙන ඇති මෙම පුරාවස්තුවෙහි අය තිෂ  හ ඣිත අ යනුවෙන් අභිලේඛනයක් පවතියි. අය තිෂ යන්න කාවන්තිස්ස රජතුමා පිළිබඳ හැඳින්වීම පිණිස යොදාගෙන ඇති බව රුහුණෙන් හමුවී ඇති පූර්ව බ්‍රාහ්මීය ශිලාලේඛන රැසකින් ම තහවුරු වී තිබේ.  ඣිත යන්න දුවයන අදහස මතුකරන බවත් මහාචාර්ය සිරිමල් රණවැල්ල මහතාගේ අදහසයි.

ඒ අනුව තහවුරු වන්නේ, අයතිෂ හ ඣිත යනු‍ කාවන්තිස්ස රජුගේ දියණියක් ගැන මෙන් ම දුටුගැමුණු රජුගේ සොහොයුරියක් ගැන කියවෙන්නක් බවයි. දීප වංශයේ 18 වැනි පරිච්ඡේදයෙහි කාවන්තිස්ස රජුගේ දියණියන් සම්බන්ධව සටහනක් පවතින අතර, ඔවුන් පසුකාලීනව සසුන්ගත වූ බවද සඳහන් වෙනවා.

සාහිත්‍ය මූලාශ්‍රයක සටහන් කරුණක් අභිලේඛන මඟින් තහවුරු වීම දුර්ලභ අවස්ථාවක් වන අතර, මහාවංශයේ පවා කිසිදු සඳහනක් නොමැති කාවන්තිස්ස රජුගේ දියණියන් සම්බන්ධ තොරතුරු මේ හරහා අනාවරණය කරගැනීමට හැකිවීම සුවිශේෂ කරුණක් බව ද පුරා විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

නිරෝෂා ප්‍රියදර්ශනී

unnamed (2)

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.