දුර්ලභ පුස්කොළ පොත් 3600ක් සංරක්ෂණය කරයි
- 2018-02-28 14:38:16
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පුස්කොළ පොත් සංරක්ෂණය කිරීමේ ජාතික වැඩපිළිවෙළෙක් ආරම්භ කිරීමට මධ්‍යම සංස්කෘතික අරමුදල පියවර ගෙන තිබේ.
මෙහි ආරම්භක පියවරක් ලෙස, ගම්පහ දිස්ත‍්‍රික්කයේ විහාරස්ථාන55ක් සතුව තිබූ ඉතා දුර්ලභ පුස්කොළ පොත් ඇතුළු 3,600කට අධික පෞරාණික ග‍්‍රන්ථ ප‍්‍රමාණයක් අනාගත පරපුර සඳහා සංරක්‍ෂණය කිරීමේ කටයුතු මේ වන විට අවසන්ව ඇත.
මීට අදාළව මධ්‍යම සංස්කෘතික අරමුදල විසින් එම පුස්කොළ පොත්වල පැවති තොරතුරු අළලා සකස් කරන ලද ජාතික පුස්කොළ පොත් නාමාවලියේ පළමු වෙළුම ඉදිරියේ දී ප‍්‍රකාශයට පත් කිරීමට ද නියමිතයි.
අතීත ශ‍්‍රී ලාංකිකයන් විසින් තම දැනුම සහ තොරතුරු අනාගතය වෙනුවෙන් ආරක්‍ෂා කරගැනීමේ ප්‍රධාන මාධ්‍යයක් ලෙස පුස්කොළ පොත් භාවිත කරනු ලැබීය.
දීර්ඝ කාලයක සිට නිසි පරිහරණයක් සහ ආරක්‍ෂක ක‍්‍රමවේදවලින් බැහැරව සිදු කළ ගබඩා කිරීම් නිසා මෙම ග‍්‍රන්ථවලින් වැඩි ප‍්‍රමාණයක් මේ වන විට විනාශයට පත් වෙමින් පවතී. එබැවින් ලංකාව පුරා විහාරස්ථානවල සහ පුද්ගලික එකතු ලෙස පවතින පුස්කොළ ග‍්‍රන්ථ නිසි පරිදි හඳුනාගෙන ආරක්‍ෂා කිරීමේ අරමුණින් මෙම සංරක්ෂණ වැඩසටහන ආරම්භ කර ඇත.
මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් විධිමත් පුහුණුවක් ලබා ඇති නිලධාරීන් කණ්ඩායමක් මෙම කාර්ය සඳහා යොදවා ඇති අතර, ඔවුන් විසින් නියමිත තාක්ෂණික ක‍්‍රමවේදයන්ට අනුව සංරක්ෂණ කටයුතු සිදු කරනු ලබයි.
අනතුරුව මෙම පුස්කොළ පොත්වල අන්තර්ගතය අධ්‍යයනය කිරීමටත්, පුස්කොළ පොත් ස්කෑන් කොට දත්ත ගබඩාවක් ලෙස සකස් කිරීමට සහ අවසානයේ එම පුස්කොළ පොත් විවරණ සහිතව සුචිගත කිරීමටත් පියවර ගැනෙයි.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments