Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම කඩුලු හතකින් පරාජයට  පත්කරමින් දෙරට අතර පැවැති දෙවැනි එක්දින තරගයෙන් පහසු ජයක් ලැබීමට සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. ලකුණු 156ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 30.1කදී කඩුලු තුනක් දැවී ලකුණු 158ක් රුස්කරමින් තරගය ජයගත්තේය. ඒ අනුව තරග පහකින් සමන්විත එක්දින තරගාවලිය 1-1ක් ලෙස සමකර ගැනීමටත් ශ්‍රී ලංකාවට හැකිවිය. උපනායක උපුල් තරංග පන්දු 86කදී හතරේ පහර 8ක් සමගින් නොදැවී ලකුණු 75ක් රැස්කිරීමට සමත්විය.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් මුලින්ම පන්දුවට පහරදීමට සිම්බාබ්වේ කණ්ඩායමට ආරාධනා කළේය. ඒ අනුව මුලින්ම පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායමට සියලු දෙනා දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 155ක් පමණි. ඉනිමේ ඉහළම ලකුණු ලාභියා වූ හැමිල්ටන් මැසකඩ්සා ලකුණු 41ක් රැස්කළේය. ලක්ෂාන් සඳකැන් කඩුලු 4ක් හා වනිඳු හසරංග කඩුලු 3ක් දවාගත්හ. 

නිරෝෂා ප්‍රියදර්ශනී

CRICKET-SRI-ZIM

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.