දෙවැනි පාසල් වාරය හෙට අැරඹේ
- 2017-04-25 09:15:21
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
දෙවැනි පාසල් වාරය සඳහා අප්‍රේල් මස 26වැනි බදාදා පාසල් ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය අද (24දා) පැවසීය. එහිදී මේ දිනවල පවතින උණුසුම් සහිත කාලගුණ තත්ත්වයෙන් දරුවන් ආරක්ෂා කර ගැනීමට අදාළ විදුහල්පතිවරුන්ට උපදෙස් මාලාවක්ද නිකුත් කර තිබේ.
අධික උණුසුම් සහිත කාලගුණික තත්ත්වය නිසා ඇතිවන අපහසුතා වළක්වාගැනීමට පාසල් සිසුන් විශේෂයෙන් එළිමහන් ක්‍රියාකාරකම්වල යෙදවීම අවම කිරීමටත්, ජලය වැඩියෙන් පානය කිරීමට සිසුන් යොමු කරවීමටත්, හිරු රශ්මියට ඔරොත්තු දෙන පරිදි හිස්වැසුම්, කුඩ ආදිය භාවිතයට පෙළඹවීමටත් කටයුතු කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
දෙමවුපියන්, ආදිශිෂ්‍ය ප්‍රජාව,සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල, පළාත් පාලන ආයතන නිලධාරීන්ගේද සහාය ලබාගනිමින් පාසල් පරිසරය මදුරුවන්ගෙන් හා කසළවලින් තොර පරිසරයක් බවට තහවුරු කර ගැනීමටත්,ඊට අදාළ ක්‍රියාමාර්ග ගැනීමටත් විදුහල්පතිවරුන් ක්‍රියාත්මක විය යුතු බවද අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments