Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

දේශපාලන කටයුතුවලට ළමුන් යොදගැනීම ළමයගේ අයිතිවාසිකම් උල්ලංඝණය වීමක් බවත් ඒ නිසා ළමුන් දේශපාලන කටයුතුවලට කිසි විට යොදා නොගන්නා ලෙස ජතික ළමා අාරක්ෂක අධිකාරිය සියලු පක්ෂ හා ස්වාධීන කණ්ඩායම්වලින් ඉල්ලා සිටියි.

එවැනි දේශපාලන කටයුතුවලට ළමයින් යොදාගැනීමේ දී ඔවුන්ට එරෙහිව යම් ප්‍රචණ්ඩත්වයක් සිදුවුව හොත් ළමුන් යොදා ගත් අයට විරුද්ධව දණ්ඩ නීති සංග්‍රහයේ 308 (ඒ) යටතේ නීතිය ක්‍රියාත්මක කිරීමට සිදුවන බවද ළමාඅාරක්ෂක අධිකාරිය පෙන්වා දෙති.  

රජයේ නිලපුවත් වෙබ් අඩවියට අඳහස් දක්වා ඇති ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති නීතිඥ මරිනි ද ලිවේරා මහත්මිය, ''ළමා ආරක්ෂණ අධිකාරියේ විමර්ශන ඒකකයක් පිහිටුවා තිබෙනවා. දේශපාලන  කටයුත්තකට ළමයින් සම්බන්ධවීමක් සිදුවුවහොත් පැය 24ක් පුරා ක්‍රියාත්මක වන දුරකත අංක 1929 මඟින් පැමිණිලි කළ හැකියි. එසේ පැමිණිලි ලැබුණු වහාම විමර්ශන කණ්ඩායම මේ පිළිබඳව සොයා බලා සුදුසු නීතිමය 
ක්‍රියාමාර්ග ගැනීම සිදු කරනවා.

ළමයින් දේශපාලන කටයුතුවලට යොදාගැනීම ළමයින්ගේ කායික සහ මානසික සංවර්ධනයට බාධාවන අයිතිවාසිකම් උල්ලංඝණය වීමක්. මහජනතාව මෙවැනි සිදුවීමක් දුටුවහොත් අපගේ ළමා දුරකතනයට (1929) වහාම දැනුම් දෙන ලෙස සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බවද සභාපතිනිය ප්‍රකාශ කර තිබේ.

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.