Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම සමස්ත ලංකා පාසල් මට්ටමින් මෙහෙයවූ ඉනෝවා මයින්ඩ්-2016 නව නිපැයුම් තරගාවලියෙන් ජය ලැබූ කැලණිය ගුරුකුල විද්‍යාලයීය සිසුහු දෙදෙනෙක් දකුණු කොරියාවේ නව නිපැයුම් තරගාවලියකට සුදුසුකම් ලැබූහ.

පිට්ටු සාදන විද්‍යුත් උපකරණයක් නිපදවූ 9 වැනි ශ්‍රේණියේ ජී. ගමිත චමෝද් සහ ස්වයංක්‍රීයව ඉඳිආප්ප නිපදවනයක් නිර්මාණය කළ 10 වැනි ශ්‍රේණියේ ඒ. නිපුන අවිශ්ක ද සොයියා යන සිසුන් දෙදෙනා මෙම ජයග‍්‍රහණය ලැබීය.

ජාත්‍යන්තර මට්ටමින් පැවැත්වෙන දකුණු කොරියා  නව නිපැයුම් තරගාවලිය සඳහා සමස්ත ලංකා පාසල් සිසුන් 4 දෙනෙක් තෝරාගෙන තිබෙන අතර දෙදෙනෙක්ම ගුරුකුල විද්‍යාලයීය සිසුන්වීම විශේෂත්වයකි.  මෙම තරගාවලිය දකුණු කොරියාවේ වාබැක් ඉන්ටර්නැෂනල් කන්වෙන්ෂන් සෙන්ටර් හීදී අගෝස්තු 8 වැනි දා සිට 10 දක්වා පැවැත්වීමට නියමිතය.

විදුහල්පති අනිල් ගීතලාල් අබේගුණවර්ධන මහතාගේ උපදෙස් මත සිසුන් දෙදෙනා මෙම තරගාවලියට සහභාගිවීමට නියමිත අතර ආගමික වතාවත්වල නිරතව ත‍්‍රිවිධ රත්නයේ ආශිර්වාදයද ලබාගත්හ.

පිට්ටු සාදන විද්‍යුත් උපකරණය නිපදවූ ගමිත චමෝද -

මම මේ නිර්මාණය කරන්න පෙළැඹුණේ මගේ මල්ලි කෙනෙක් කම්පනය වෙන කුරුමිණියෙක් හදා දෙන්න කියා කළ ඉල්ලීම නිසයි. පස්සේ මම හිතුවා විදුලියෙන් ක‍්‍රියාකරන පිට්ටු හදන යන්ත‍්‍රයක් නිපදවන්න. ඒ සඳහා මගේ පියාගෙන් මට ලොකු සහායක් ලැබුණා. මම හීනෙකින්වත් හිතුවෙන් නෑ මට මේ නිර්මාණය ජාත්‍යන්තර මට්ටමට ගෙන යන්න පුළුවන් වෙයි කියලා. මේ උපකරණයට විදුලිය සැපයීමේදී පවර් පැක් එකකින් විදුලිය අඩුකර ලබාදිය යුතුයි. පිට්ටු  ඕනෑ තරමක් මෙමගින් නිපදවාගන්න පුළුවන්. ආහාර නිෂ්පාදන ව්‍යාපාරවලට මෙය හොඳ නිර්මාණයක් වේ යැයි මා සිතනවා.

ස්වයංක‍්‍රීය ඉඳිආප්ප නිපදවනයක් නිර්මාණය කළ නිපුන් අවිශ්ක -

බොහෝ වේලාවට අපේ අම්මා ගෙදරදී ඉඳිආප්ප හදනවා. ඉතිං මගේ හිතට ආවා ලේසියෙන්ම ඉඳිආප්ප හදා ගන පුළුවන් විඳිහේ උපකරණයක් නිපදවන්න. මගේ තාත්තා ඉලෙක්ට්‍රෝනික ක්ෂේත‍්‍රයේ රැකියාවක් කරන්නේ. ඔහුගේ උපදෙස් හා මඟ පෙන්වීම මත මේ ස්වයංක‍්‍රීය ඉඳිආප්ප නිපදවනය මා නිර්මාණය කළා. එක වතාවකදී ඉඳි ආප්ප 6 ක් ස්වයංක‍්‍රීයව නිපදවන්න මෙමගින් පුළුවන්. අපට අවශ්‍ය පරිදි ඉදිආප්ප තට්ටු තබා  ඕනෑ තරම් ඉදිආප්ප හදාගන්න මෙම යන්ත‍්‍රයෙන් හැකිවෙනවා. මෙය විදුලියෙන් ක‍්‍රියාකරන අතර ට‍්‍රාස්ෆෝමරයක් මගින් විද්‍යුතය අවම කර උපකරණය වෙත ලබාදෙනවා. ඇත්තටම මෙම ජයග‍්‍රහණයේ සතුට කියා නිමකරන්න බැහැ.

ගයාන් සූරියආරච්චි-ලංකාදීප

DSC00148 IMG_9628 Nawa-Nipayum (1) Untitled-1

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.