නාවික හමුදාවේ ඇරෝ යාත්‍රා සෙඩ්රික් ලෙස නම් කරයි
- 2016-10-08 15:24:42
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශේෂ යාත්‍රා බලඝණයේ සම නිර්මාතෘ වශයෙන් නාවික ඉතිහාසයට එක්ව සිටින දිවංගත කොමාණ්ඩර් සෙඩ්රික් මාර්ටෙන්ස්ටයින් නිලධාරියාට සිදු කරන ගෞරවයක් වශයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව සතු ඇරෝ යාත්‍රා “සෙඩ්රික්” (Cedric)ලෙස හැදින්වීමට නාවික හමුදාව තීරණය කොට ඇත.
ඔක්තෝබර්5 වන දිනට යෙදී තිබූ ඔහුගේ 70 වන ජන්ම දිනයට සමගාමීව වත්මන් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා සහ දිවංගත, කොමාණ්ඩර් සෙඩ්රික් මාර්ටෙන්ස්ටයින් විසින් 1993 වර්ෂයේ ඔක්තෝබර් මස විශේෂ යාත්‍රා බලඝණය ස්ථාපිත කළ අතර, ඒ සඳහා රාජකීය විශේෂ යාත්‍රා බලඝණය සහ එක්සත් ජනපදයේ සීල් විශේෂ යාත්‍රා ඒකකය පදනම් කර ගන්නා ලදී.
වේග ප්‍රහාරක යාත්‍රා හා පිටත දහන එන්ජින් පිළිබද කොමාණ්ඩර් මාර්ටෙන්ස්ටයින්ගේ විශේෂඥ දැනුම උපයෝගි කොට ගෙන නිර්මාණය කරන ලද ඇරෝ යාත්‍රාවක දිග අඩි 16 කි.
විශේෂ යාත්‍රා බලඝණයේ රාජකාරී කළ ලුතිනන් කොමාණ්ඩර් තුෂාර පලිහේන සහ කොමාණ්ඩර් මාර්ටෙන්ස්ටයින් යන නිලධාරීන් දෙදෙනා හෙලිකොප්ටරයකින් ගමන් කරමින් සිටියදී 1996 ජනවාරි මස 22වන දින වෙත්තලකේනි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු තීරයේදී එල්ල වූ සතුරු ප්‍රහාරයකින් අතුරුදහන් විය.
නාවික හමුදාව සතු ප්‍රථම ඇරෝ යාත්‍රාව සැලසුම් කොට නිෂ්පාදනය කිරීම උදෙසා ඔහු විසින් සපයන ලද අති විශාල වූ දායකත්වයත් සතුරන් සමග සටන් කිරීම කෙරෙහි ඔහු තුළ වූ නිර්භිතකමත් අගයනු පිණිස ඔහුගේ 70 වන ජන්ම දිනය නිමිති කර ගෙන නාවික හමුදාව සතු ඇරෝ යාත්‍රා සෙඩ්රික් (Cedric) වශයෙන් නම් කිරීමට පියවර ගන්නා ලදී.
පියාගේ අඩිපාරේ යමින් 1994 සැප්තැම්බර් මස 6 වන දින AN 32 ප්‍රවාහන ගුවන් යානයක ගුවන් නියමුවෙකු වශයෙන් ගුවන් හමුදාවට බැඳුනු පියාසර නිලධාරී ජේසන් මාර්ටෙන්ස්ටයින් 1995 සැප්තැම්බර් මස 13 වන දින ක්‍රියාන්විත රාජකාරියේදී සිය දිවි මව්බිම වෙත පූජා කළේය.
මාතෘ භූමියේ ස්වෛරීත්වය උදෙසා සිය ජීවිතය පූජා කළ පිය පුතුන් අතලෝස්සක් අතරින් මොවුන් දෙදෙනා ශ්‍රී ලංකා ඉතිහාසය තුළ නොමැකෙන සටහනක් තබා ඇතැයි නාවික හමුදාව නිවේදනය කරයි.
නිරෝෂා ප්‍රියදර්ශනි
Reply To:
Name - Reply Comment
0 Comments