නිපොන්මරු නෞකාව කොළඹට පැමිණෙයි
- 2018-02-15 18:00:27
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ලෝක මිත්‍රත්ව නිපොන්මරු නෞකාව එම වැඩසටහන සමග ශ්‍රී ලංකාවට සේන්දු විය. ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 11 ක තරුණ තරුණියන් 242කගේ සහභාගීත්වයෙන් නිපොන්මරු නෞකා වැඩසටහන ශ්‍රී ලංකාව, ජපානය හා ඉන්දියාව යන රටවලදී රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ.
ජපන් කැබිනට් කාර්යාලය මගින් සංවිධානය කරනු ලබන මෙම ලෝක මිත්‍රත්ව නෞකා සංචාරය පසුගිය ජනවාරි 29 දා, ජපානයෙන් ගමන් ආරම්භ කරන ලදී. ඉන් අනතුරුව පසුගිය 11දා මෙම නෞකාව ඉන්දියාවේ නැංගුරම්ලා දින 03ක් එහි ගත කොට (13දා) යළිත් ගමන් අරඹා අද දිවයිනට ළඟා විය. ශ්‍රී ලංකාව තුළ පැවැත්වෙන තරුණ වැඩසටහන් රැසකින් අනතුරුව නෞකාව ලබන (17දා) පස්වරුවේ නැවත ජපානය බලා ගමන් ඇරඹීමට නියමිතය.
තරුණ තරුණියන් අතර සංස්කෘතික, සාමාජීය හා දේශපාලනික වශයෙන් අවබෝධයක් ඇතිකර ගැනීමත්, අන්‍යෝන්‍ය අවබෝධය ගොඩනගාගැනීමත් නායකත්ව පුහුණුව වැඩිදියුණු කර ගැනීමත් යන විවිධ ක්ෂේත්‍රවල දියුණුවක් තරුණයා තුළ ඇති කිරීමේ පරමාර්ථයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක වෙයි.
නිපොන්මරු වැඩසටහන සමග ශ්‍රී ලංකාවට පැමිණි තරුණ නියෝජිත පිරිස අද (15දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද හමු විය.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments