නුගේගොඩ ශාන්ත ජෝශප් බාලිකා විද්‍යාලයේ ජුබිලි සැමරුම
- 2017-03-19 12:48:29
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
නුගේගොඩ ශාන්ත ජෝශප් බාලිකා විද්‍යාලයේ ජුබිලි සැමරුම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පස්වරුවේ පැවැත්විණි.1942 වසරේදී කතෝලික කන්‍යා සොයුරියන් විසින් ඉංග්‍රිසි මාධ්‍ය පාසලක් ලෙස මෙම පාසල ආරම්භ කරනු ලැබීය.
පසුකාලීනව එය රජයට පවරාගත් අතර මේ වන විට සියලුම ජන වර්ග හා ආගම්වලට අයත් සිසුවියන් 2300 ක් පමණ එහි අධ්‍යාපනය ලබති. විද්‍යාලයේ ජුබිලි සැමරුම වෙනුවෙන් ඉදිකළ පුස්තකාල ගොඩනැගිල්ල විවෘත කෙරුණේ ද ජනාධිපවරයා අතිනි.
ශිෂ්‍යාවන්ගේ නිර්මාණ ඇතුළත් චිත්‍ර ප්‍රදර්ශනය නැරඹීමට ද ජනාධිපතිවරයා එක්වීය.අනතුරුව පැවති උත්සවයේ දී විද්‍යාලය වෙනුවෙන් සුවිශේෂි මෙහෙවරක් ඉටුකළ ගුරු භවතුන් වෙත උපහාර තිළිණ පිළිගැන්වීම ජනාධිපතිවරයා අතින් සිදු විය.
නිරෝෂා ප්‍රියදර්ශනි
Reply To:
Name - Reply Comment
0 Comments