.
මාලබේ නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීමේ කටයුතු අද(17) පෙරවරුවේ ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් එම රෝහලේ දී සිදු කෙරිණි. නෙවිල් ප්‍රනාන්දු රෝහලේ හිමිකරු වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා සහ සෞඛ්‍ය අමාත්‍යංශය වෙනුවෙන් එහි ලේකම් ජනක සුගතදාස යන මහත්වරු අවබෝධතා ගිවිසුමකට අත්සන් කළහ. අද සිට නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයේ ශික්ෂණ රෝහලක් ලෙස පවත්වාගෙන යනු ලබයි. සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න, උසස් අධ්‍යාපන හා මහාමාර්ග ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියහ.