නේරු/ගාන්ධි ශිෂ්‍යත්ව අයදුම් කිරීමේ කාලය දීර්ඝ කරයි
- 2017-01-16 09:03:52
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
උසස් පෙළ විභාග ප්‍රතිඵල ලබා දීම ප්‍රමාද වීම නිසා ඉන්දියා රජය විසින් පිරිනමන ශිෂ්‍යත්ව දෙකක් සඳහා වූ කාලය දීර්ඝ කර ගත් බව උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ ප්‍රකාශකයෙක් පැවසීය.
ශ්‍රී ජවහර්ලාල් නේරු අනුස්මරණ ශිෂ්‍යත්වය සහ රජිව් ගාන්ධි ශිෂ්‍යත්වය සඳහා ලියාපදිංචි කාලය දෙසැම්බර් 28 වැනිදායින් අවසන් විය.
උසස් පෙළ ප්‍රතිඵල ලබා දීම ප්‍රමාද වීම නිසා සිසුන්ට මෙම ශිෂ්‍යත්ව දෙකට අයදුම් කිරීමේ අවස්ථාව ඇහිරෙන බැවින් ශිෂ්‍යත්ව සඳහා අයැදුම් කළහැකි කාලය දීර්ඝ කරන ලෙස ඉල්ලන්නැයි දෙමාපියන්ගෙන් සිසුන්ගෙන් සහ ගුරු සංගම්වලින් ඉල්ලීම් ලැබුණු බව ද එම ප්‍රකාශකයා කීවේය.
ඒ අනුව සාකච්ඡා කර එම ශිෂ්‍යත්ව දෙක සදහා ලියාපදිංචි කිරීමේ කාලය ලබන බදාදා (18) වැනි දා තෙක් දිගු කර ගත් බවත්, ඒ වන තෙක් ලියාපදිංචි වීමේ හැකියාව ඇති බවත් ඔහු සඳහන් කළේය.
මෙම ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් උසස් අධ්‍යාපන අමාත්‍යංශ වෙබ් අඩවියෙන් ලබා ගත හැකිය.
Reply To:
Name - Reply Comment
0 Comments