පණ්ඩිත් අමරදේව “සංගීත අසපුවේ” ඉදිකිරීම් ඇරඹේ
- 2017-08-28 16:59:46
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අභිනවයෙන් ඉදි කිරීමට නියමිත පණ්ඩිත අමරදේව සංගීත අසපුවේ මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඇරඹිණ. ජාතියේ මහා ගාන්ධර්ව ආචාර්ය පණ්ඩිත් අමරදේව ශූරීන් විසින් සංගීත ක්ෂේත්‍රයට සිදු කරන ලද අනභිභවනීය මෙහෙය කෘතවේදීව අගයා “අමරදේව අසපුව” නමින් ඓතිහාසික පර්යේෂණ, ලේඛනාගාර, පුස්තකාල හා කෞතුකාගාරයකින් සමන්විත සංගීත ආශ්‍රමයක් බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේ පිහිටුවීමට ජනාධිපතිතුමන්ගේ උපදෙස් පරිදි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් කටයුතු කර තිබේ.
ජනාධිපතිතුමන් සමග අමාත්‍යවරුන් සහ කලාකරුවන් රැසක් උත්සවය සඳහා සහභාගී වූහ.
Reply To:
Name - Reply Comment
0 Comments