Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

bbc sandeshaya- වෛද්‍ය නිර්දේශයක් නොමැතිව සිය අභිමතය පරිදි ප්‍රතිජීවක ඖෂධ (Antibiotics) ලබා ගැනීමේ ඇති අනතුරුදායක තත්වය පිළිබඳ ශ්‍රී ලාංකිකයන් දැනුවත් වියයුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය පාලිත මහීපාල උපුටා දක්වමින් බිබිසී සන්දේශය ප්‍රකාශ කරයි.

ප්‍රතිජීවක ඖෂධ ලබා ගැනීම ගෝලීය ප්‍රශ්නයක් බවට පත්වී ඇති බව බීබීසී සිංහල සේවය සමග සාකච්ඡාවකට එක්වෙමින් වෛද්‍ය මහීපාල කියයි."අපි පුරුදු වෙලා සිටිනවා කාලෙකට කලින් යම් රෝගයක් සඳහා ප්‍රතිකාර ගත් විට, වෛද්‍යවරයා ලබා දුන් ඖෂධ තුණ්ඩුව පෙන්නලා එවැනි රෝග ලක්ෂණ නැවත මතු වූ විට බෙහෙත් බොන්න. ඇතැම් විට රෝග ලක්ෂණ එක වගේ පෙනුනට රෝගය සම්පුර්ණයෙන් වෙනස් වෙන්න පුළුවන්," වෛද්‍ය පාලිත මහීපාල කියා සිටී.

'පරණ තුණ්ඩුව'

ප්‍රතිජීවක ඖෂධ සඳහා දක්වන ප්‍රතිරෝධනය (Resistance) ඉහළ යෑම තුළ වෛරස් සහ බැක්ටීරියා නැසීමට ඇති හැකියාව හීනවන බව පෙන්වා දෙන වෛද්‍යවරයා ප්‍රතිජීවක පමණක් නොව ඕනෑම ඖෂධයක් ලබාගත යුත්තේ වෛද්‍ය උපදේශ මත පමණක් බව අවධාරණය කරයි. ඖෂධ පනතට අනුව වෛද්‍ය නිර්දේශයක් නොමැතිව වෙළඳසැල්වලින් ඖෂධ මිලදී ගත නොහැකි බවත් ඔහු පැවසීය. ප්‍රතිජීවක ඖෂධවලට දක්වන ප්‍රතිරෝධනය අවම කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකාව ඇතුළු ගෝලීය මට්ටමින් වැඩසටහනක් ක්‍රියාත්මකවන බව ඔහු සඳහන් කළේය. ශ්‍රී ලංකාව තුළ සෞඛ්‍ය කේෂ්ත්‍රයට අමතරව මත්ස්‍ය වගාව සහ කෘෂිකර්මාන්තය තුළත් දිලීර නාශක යොදා ගන්නා බැවින් ප්‍රතිරෝධනය අවම කිරීමේ වැඩසටහන එම අංශ තුළත් ක්‍රියාත්මකවන බව ඔහු වැඩිදුරටත් පැවසීය.

ඡායාරූපය- gattyimage

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.