Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ජාතියේ අනාගතය වෙනුවෙන් පරිසර සංරක්ෂණය සඳහා අප විසින් ඉටුකළයුතු වගකීම් සහ යුතුකම් කාර්යක්ෂමව හා නිසිලෙස ඉටුකිරීම අවශ්‍ය බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

පරිසර සංරක්ෂණය පිළිබඳ ජාතික සැලැස්මක් තුළ කටයුතු කරමින් එම ඉලක්ක සපුරා ගැනීමේ අවශ්‍යතාවයද  ජනපති පැහැදිළි කළේය.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා  මෙම කරුණු පෙන්වා දුන්නේ ඊයේ  (19දා) පස්වරුවේ මධ්‍යම පරිසර අධිකාරි ශ‍්‍රවණාගාරයේ පැවති ජාතික පරිසර සභාව අමතමිනි.

පරිසරයට වන හානිදායක තත්ත්වයන් පිළිබඳ මධ්‍යම පරිසර අධිකාරිය සහ පරිසර සභාව නිරන්තර අවධානයෙන් කටයුතු කිරීමේ අවශ්‍යතාවය ද මෙහිදී ජනාධිපතිවරයා පෙන්වා දී ඇත.

ජාතික පරිසර ප‍්‍රතිපත්තියක් තුළ පරිසර සංරක්ෂණය පිළිබඳ තීන්දු තීරණ ගැනීමේදී කිසිදු රාජ්‍ය නිලධාරියෙකු බිය විය යුතු නැති බව ද තමා ජනාධිපතිවරයා ලෙස පරිසර අමත්‍යාංශය භාරගනු ලැබුවේ පරිසර සංරක්ෂණයට අදාළව ගන්නා තීන්දු තීරණවලට කිසිවෙකුට අභියෝග කිරීමට ඉඩ නොතබමින් බව ද සඳහන් කළේය.

එමෙන්ම පරිසර අධිකාරිය සහ ඊට අදාළ ආයතන විසින් බලපත‍්‍ර නිකුත් කිරීමේදී ඒවා නිරන්තර පසුවිපරමකට ලක් කිරීමේ අවශ්‍යතාවයද ජනපතිවරයා පෙන්වා දී ඇත.  කිසිදු ජාවාරම්කරුවෙකුට පරිසරය විනාශ කිරීමට ඉඩ නොතැබීම අදාළ සියලු ආයතනවල වගකීම බවද ඔහු පැවැසීය.

මෙහිදී ජාතික පරිසර සභාවේ නව සභාපතිවරයා ලෙස කැළණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය යු.ඒ. චන්ද්‍රසේන මහතා තෝරා පත්කර ගැනීම ද සිදු විය. පසුගිය වසරේ පරිසර සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළේ පරිසරවේදී නීතිඥ ජගත් ගුණවර්ධන මහතායි.

නිරෝෂා ප්‍රියදර්ශනී

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.