පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීමේ අයදුම්පත් භාරගැනීමේ දිනය දීර්ඝ කෙරේ
- 2017-06-27 15:33:17
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
2018 වර්ෂය සඳහා රජයේ පාසල්වල පළමුවන ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරීමට අදාළ අයදුම්පත් භාර ගැනීමේ අවසාන දිනය එළඹෙනු ජූලි මස 10දා දක්වා දීර්ඝ කළ බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදය කරයි. අයදුම්පත් භාරගැනීම ජූනි 30දායින් අවසන් වීමට නියමිතව තිබුණි.
අයදුම්පත් බාර ගැනීමේ දිනය කල් දැමීම සම්බන්ධයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් සලකා බලා මෙසේ දිනය දීර්ඝ කළ බව අමාත්‍යාංශය අද (27දා) නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.
මේ වන විට තම අයදුම්පත් තැපෑලට යොමු කර නොමැති දෙමාපියන්, තමන් විසින් සහතික කරන ලද අයදුම්පතෙහි පිටපතක්, අදාළ පාසල් වෙත අතින් භාර දී ඒ සඳහා විදුහල්පති වෙතින් ලිපියක් ලබාගන්නා ලෙසත් අධ්‍යාපන අමාත්‍යාංශය දෙමාපියන් වෙත උපදෙස් ලබාදෙයි.
එසේම පාසල් වෙත අතින් භාර දෙන ලද අයදුම්පත් භාර ගැනීමට හා ඒ වෙනුවෙන් ‘ලද බවට’ ලිපියක් නිකුත් කිරීමට කටයුතු කරන ලෙස විදුහල්පතිවරුන්ට උපදෙස් දුන් බවත්, 2017.06.30 දින පසු වී පාසල් වෙත යොමු වන අයදුම්පත් භාර ගැනීමට විදුහල්පතිවරුන් විසින් කටයුතු කළ යුතු බවත් අධ්‍යාපන අමාත්‍යාංශය විදුහල්පතිවරුන්ට දන්වා තිබේ.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments