Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ශ්‍රී ලංකාවේ දැනට භාවිතයේ පවතින ප්ලාස්ටික් ජල ටැංකි සහ පී.වී.සී. ජල නළ හරහා දරුණු සෞඛ්‍ය අවදානමක් පවතින බව කොළඹ මහ රෝහලේ ජාතික විෂ තොරතුරු මධ්‍යස්ථානයේ ප්‍රධානී වෛද්‍ය වරුණ ගුණතිලක මහතා පවසයි.

ජලය සහ ආහාර බහාලීම සඳහා ප්ලාස්ටික් ඇසුරුම් යොදා ගැනීමෙන් ශරීර සෞඛ්‍යයට ඇති වන හානිය සම්බන්ධයෙන් ඊයේ (11දා) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ අදහස් පළ කළේය.

ඒ අනුව මෙරට නිෂ්පාදනය කර වෙළෙඳ පොළේ අලෙවි කෙරෙන ජල ටැංකි සඳහා නියමිත ප්‍රම්තියක් නොමැති බවත් ඒ හරහා එම ජලය පරිභෝජනය කරන්නන්ගේ සෞඛ්‍ය අවදානම ඉහළ බවත් සඳහන් කළේය.

"අතීතයේදී මේ ජල ටැංකි විදියට පාවිච්චි කළේ යකඩ, මල නොකන වානේ හරි සිමෙන්තිවලින් ගොඩනගපු ටැංකියක්. ඒත් අද වෙන කොට මේ ටැංකි නිපදවන්නේ ප්ලාස්ටික්වලින්. ඒත් ප්‍රශ්නය තමයි මේ සඳහා නියමිතව ප්‍රමිතියක් නොමැතිවීම. කොතැනකවත් ඒ ගැන සඳහනක් වෙලා නැහැ." වෛද්‍ය ගුණතිලක මහතා පවසයි.

එසේම ප්ලාස්ටික් ඇසුරුම්වල ගබඩා කර ඇති ජලය අධික උෂ්ණත්වයකට ලක්වීමෙන් එම ජලයට ප්ලාස්ටික්වල ඇති විෂ කාන්දුවීමේ හැකියාව පවතින බවද ඒ මහතා මෙහිදී පෙන්වා දුන්නේය. ඒ අනුව සමකය ආසන්නයේ පිහිටි රටක් ලෙස ශ්‍රී ලංකාවේ නිවෙස්වල වහල මත පිහිටුවා ඇති මෙවැනි ජල ටැංකි තුළ අනිවාර්යයෙන්ම විෂ රසායනික පවතින බවත් ඔහු සඳහන් කළේය.

"සාමාන්‍යයෙන් මේ වගේ ජල ටැංකියක් තිබිය යුත්තේ ආවරණය කරපු ස්ථානයක. ඒකට නිරන්තරව හිරු එළිය නොවැටිය යුතුයි. හිරු එළිය වැටෙන විට මේ ජලය සෑම විටම කැකෑරෙමින් පවතිනවා. එය ටැංකියේ ප්ලාස්ටික්වල තියෙන විෂ රසායන ජලයට කාන්දුවීමේ හැකියාව වැඩි කරනවා."

මේ අතරම මෙරට තුළ ජලය ප්‍රවාහනය සඳහා යොදා ගන්නා පී.වී.සී. ජන නල වර්තමානයේදී ලෝකයේ රටවල් බොහෝමයකම භාවිතයෙන් ඉවත් කර ඇතැයිද වෛද්‍යවරයා මෙහිදී අනාවරණය කළේය. විශේෂයෙන්ම යුරෝපා සංගමයට අයත් රටවල් මේ පී.වී.සී. ජලනල භාවිතයෙන් ඉවත් කර ඇති බවත්, තවත් රටවල් ඒ සඳහා කටයුතු ආරම්භ කර ඇති බවත් පැවසෙයි.

විද්‍යාත්මක පිළිගැනීම අනුව ප්ලාස්ටික්වලින් තැනූ බහාලුම් සහ ඇසුරුම් තුළ ආහාර හෝ ජලය ගබඩා කිරීම සෞඛ්‍යයට අහිතකර බවට සඳහන්ව පවතියි. විශේෂයෙන්ම පෙට්‍රෝලියම් ආශ්‍රිත නිෂ්පාදනයක් ලෙස ගැනෙන ප්ලාස්ටික් හරහා ආහාරවලට හා ජලයට හානිකර විෂ රසායන මුසුවීම ඊට හේතුවයි. ඒ හරහා පිළිකා, ස්ත්‍රී/පුරුෂ වඳභාවය, ගබ්සාවීම්, අංගවිකල දරු උපත් මෙන්ම ඇදුම වැනි රෝගී තත්ත්වයන්ද ඇතිවිය හැකි බව විද්‍යාත්මක පරීක්ෂණ හරහා තහවුරු වී ඇතැයිද ඒ මහතා සදහන් කර සිටියේය.

ඒ අනුව ජල ටැංකි, ජල නල මෙන්ම ආහාර සහ ජලය බහාලීම සඳහා වෙළෙඳ පොළේ පවතින සියලුම ආකාරයේ ප්ලාස්ටික් ඇසුරුම්වර්ග පිළිබඳව නියාමනයක් සිදුවීම අනිවාර්යයෙන්ම අවශ්‍ය බවද වෛද්‍ය වර්ණ ගුණතිලක මහතා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.

z_p20-Plastic-1

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.