Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

අධ්‍යාපන අමාත්‍යාංශයෙන් වාර්ෂිකව පවත්වනු ලබන සමස්ත ලංකා පාසල් සංගීත / බටහිර සංගීත / නර්තන / චිත්‍ර කලා/ නාට්‍ය හා රංග කලාව යන තරඟාවලියට අමතර වශයෙන් 2017 වසර සිට කර්ණාටක සංගීත තරඟයක් ද පැවැත්වීමට පියවරගෙන තිබේ.

දරුවන් සතු සුවිශේෂී දක්ෂතා ඔප්නැංවීම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ මගපෙන්වීම යටතේ මෙවැනි විශේෂ තරගාවලි සංවිධානය කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

මේ තුළින් විශේෂයෙන්ම  දමිළ  සහ  මුස්ලිම්  දරු  දැරියන්ට  ඔවුන් හදාරණ සංගීත විෂයය පිළිබඳ ශිල්පීය කුසලතා සංවර්ධනය කර ගැනීමට අවස්ථාව  හිමිවේ. මෙම තරගයෙන් ජයග්‍රහණය ලබන සිසුන්ට උසස් අධ්‍යාපන අවස්ථාවන් සඳහා ද  ප්‍රමුඛතාවන් හිමිවීම විශේෂත්වයකි.

ඒ අනුව සමස්ත ලංකා පාසල් කර්ණාටක සංගීත තරඟාවලියේ අවසන් වටයේ තරඟ ඊයේ (04දා) ත්‍රිකුණාමලය  - අභය පුර විදුහල සහ සිංහල මහා විදුහල, රාජකීය විද්‍යාලෝක විදුහල යන විදුහල්වලදී ආරම්භ වූ අතර අද (05දා) අවසන් දිනයයි.

නිරෝෂා ප්‍රියදර්ශනී

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.