ප්‍රථම දෙමුහුන් විදුලිබලාගාරය අද විවෘත වේ
- 2017-02-10 04:04:48
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ලංකාවේ ප්‍රථම වරට ස්ථාපිත කරන ලද දෙමුහුන් විදුලි බලාගාරය, විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් 10 වැනිදා සිකුරාදා යාපනය එළුවාතිව්හිදී විවෘත කිරීමට නියමිතය.
කිලෝවොට් 60 ක ධාරිතාවකින් යුත් මෙම බලාගාරයෙන් සුළං, සූර්යබලය සහ ඩීසල් යොදාගනිමින් විදුලිය නිපදවනු ලබයි.
වර්ග කිලෝමීටර් 1.7 ක පමණ භූමි ප්‍රමාණයකින් සමන්විත එළුවාතිව් දූපතේ පවුල් 191කට අයත් 787 ක පමණ ජනගහනයක් ජීවත්වෙති. ඔවුන්ගේ දෛනික අවශ්‍යතා සඳහා වන විදුලිය මෙතෙක් නිපදවනු ලැබුවේ ඩීසල් විදුලි උත්පාදක යන්ත්‍ර යොදාගනිමිනි.
ආසියානු සංවර්ධන බැංකුව සහ ලංකා විදුලිබල මණ්ඩලයේ මූල්‍යාධාර මත, හරිත බලශක්ති ප්‍රවර්ධන ඉලක්ක කරගනිමින් ස්ථාපිත කරනලද මෙම දෙමුහුන් බලාගාරය වෙනුවෙන් වැයවූ සමස්ත වියදම රුපියල් මිලියන 187ක් ලෙස ගණන් බලා තිබේ. එසේම මෙම දෙමුහුන් බලාගාරය මගින් නිපදවනු ලබන එක් විදුලි ඒකකයක් සඳහාවන පිරිවැය රුපියල් 9.14ක් පමණ වේ. (wmdjbm)
Reply To:
Name - Reply Comment
0 Comments