.
පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරය හේතුවෙන් කල් දැමූ රජයේ පාසල්වල ප‍්‍රාථමික ශ්‍රේණි සඳහා දෙවන වාරයේ අධ්‍යයන කටයුතු අද (13) සිට ආරම්භ කෙරේ. පාසල්වල 6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා සිසුන්ගේ අධ්‍යයන කටයුතු පසුගිය 6 වැනිදා ආරම්භ විය. පාසල් දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙළක් ආරක්‍ෂක අමාත්‍යාංශය හා එක්ව ක‍්‍රියාත්මක කර ඇතැයි ද අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නිහාල් රණසිංහ මහතා පැවසීය.පාසල් වෙත ද විශේෂ ආරක්‍ෂක වැඩපිළිවෙලක් ක‍්‍රියාත්මක කිරීම සඳහා උපදෙස් මාලාවක් ලබාදී ඇත.
රජයේ පාසල්වල දෙවැනි වාරයේ අධ්‍යයන කටයුතු ආරම්භ වීමට නියමිතව තිබුණේ ඉකුත් අප්‍රේල් 22 වැනිදාය. 21 වැනිදා සිදුවූ ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් පසුව අපේ‍්‍රල් 29 වැනිදා දක්වාත් ඉන්පසු යළිත් මැයි 6 වැනිදා දක්වාත් කල් දැමීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබිණි. පාසල් දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පාසල් අසල පොලිස් හා හමුදා නිලධාරීන්ද යොදවා ඇත.
පාස්කු ඉරිදා දින ප‍්‍රහාරයෙන් පසු මේ දක්වා වසා දමා ඇති පෞද්ගලික කතෝලික පාසල්වල දෙවැනි පාසල් වාරය අනිද්දා (14) සිට යළි ආරම්භ කරන්නේද යන්න ගැන මෙතෙක් ස්ථිර තීරණයක් ගෙන නැත. රටේ ආරක්‍ෂක තත්ත්වය සම්බන්ධයෙන් සෑහීමකට පත්විය හැකිනම් පමණක් මැල්කම් කාදිනල් රංජිත් අගදරගුරුතුමන් එම තීරණය ක‍්‍රියාත්මක කිරීමට නියමිතය.