පාකිස්ථානයේ කඳුවැටිය තරණයට යන බාලදක්ෂයන් ජනපති හමුවෙති
- 2017-08-09 13:49:57
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ලෝකයේ උසම කඳුවැටියක් වන පාකිස්ථානයේ K2 කඳුවැටිය තරණය කිරීම සඳහා ප‍්‍රථම වතාවට මහනුවර ධර්මරාජ විද්‍යාලයේ සහන් ලියනගේ, සිදත් කුලතුංග, කසුන් බණ්ඩාර යන සිසුන් තිදෙනා සුදුසුකම් ලබා තිබෙන අතර ජනාධිපතිතුමා ඔවුන් වෙත සිය සුභාසිංසන සහ ආශීර්වාදය පිරිනැමීය.
මේ අතර මහනුවර ධර්මරාජ විද්‍යාලයේ පෝතක බාලදක්ෂ කටයුතු ආරම්භ කර වසර සියයක් සපිරීම නිමිත්තෙන් සෙන්රේ බාලදක්ෂ කඳවුරේ ලාංඡනය ශ්‍රී ලංකාවේ ප‍්‍රධාන බාලදක්ෂ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත පැළඳවීම ඊයේ මහනුවර ජනාධිපති මන්දිරයේදී සිදු විය.
මහනුවර ධර්මරාජ විද්‍යාලයීය ආදි බාලදක්ෂ සංගමයේ ලේකම් සුමින්ද විතානආරච්චි මහතා විසින් එම ලාංඡනය ජනාධිපතිතුමා වෙත පැළඳවීය. මහනුවර දිසාව බාලදක්ෂ සංගමයට වසර 100 ක් සපිරීම නිමිත්තෙන් ,මහනුවර දිසාවේ අභිමානවත් බාලදක්ෂයෝ, ග‍්‍රන්ථය ද මෙහිදී ජනාධිපතිතුමා වෙත පිළිගැන්විණි.
මධ්‍යම පළාත් ප‍්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක, මධ්‍යම පළාත් අමාත්‍ය තිළිණ බණ්ඩාර තෙන්නකෝන් යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
(රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව)
12 members from Rover Crew of 1st Kandy Dharmaraja Scout Group
Reply To:
Name - Reply Comment
0 Comments