Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ශ්‍රී ලංකාවේ පාසල් ක්‍රිකට් දියුණු කිරීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග සැලසුම් කිරීම සඳමා පත්කළ කමිටුවේ වාර්තාව ඊයේ (06දා) අධ්‍යාපන අමාත්‍යාංශයට බාර දී ඇත.

මහේල ජයවර්ධන, සිදත් වෙත්තමුණු ඇතුළු හිටපු ක්‍රිකට් ක්‍රීඩයන් හා පාලකයන් මෙම කමිටුවට ඇතුළත්විය. එහි සඳහන් කරුණු පිළිබඳව ඊයේ අධ්‍යාපන අමාත්‍යාංශයේදී සාකච්ඡාවක්ද පැවැත්විණ.මෙම සාකච්ඡාව සඳහා මුත්තයියා මුරලිදරන් හා රොෂාන් මහානාමද එක්වූහ.

වාර්තාව සකස් කිරීම සඳහා සිදත් වෙත්තමුනි , හා මහේල ජයවර්ධනට අමතරව  රොජර් විජේසූරිය, ජයන්ත සෙනවිරත්න, කාල්ටන් බර්නාඩ් යන මහත්වරුන් මෙන්ම පාසල් ක්‍රිකට් සංගමයේ නිලධාරීන්ද එක්ව තිබුණි.

මෙහිදී අදහස් දැක්වූ අධ්‍යාපන අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළේ ඉතා ඉක්මනින්ම ක්‍රියාත්මක කළ හැකි විශේෂ වැඩසටහන් සහ දිගු කාලයක් ගත වන වැඩසටහන් පිළිබඳ වෙන වෙනම කරුණු අධ්‍යයනය කරමින් ඒ සදහා කාල රාමුවක් සකස් කරන ලෙසයි.

ප්‍රමුඛ අවධානය යොමු කළ යුතු කරුණු පිළිබඳව දීර්ඝ වශයෙන් අධ්‍යයනය කොට ඒවා ක්‍රියාත්මක කිරීම සඳහා මැදිහත් වන ලෙසද අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීන්ට සහ ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

නිරෝෂා ප්‍රියදර්ශනී

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.