පාසල් පෙළපොත් බෙදාදීමේ ජාතික උත්සවය11දා
- 2018-01-09 13:00:58
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
2018 වසර සඳහා පාසල් පෙළපොත් බෙදාදීමේ ජාතික උත්සවය ජනවාරි 11 වනදා කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයේ දී පැවැත්වීමට නියමිතව ඇත.
රජය විසින් නොමිලේ ලබා දෙන පෙළපොත් ළමුන් අතට පත් කිරීම සඳහා සෑම වසරකදීම අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව කටයුතු කරන අතර එය සංකේතවත් කරමින් සෑම වසරකදීම පාසල් පෙළපොත් දරුවන්ට ලබාදීමට අදාළව ජාතික උත්සවයක් පැවැත්වේ.
එහිදී නොමිලේ ලබා දෙන පෙළපොත් නැවත පරිහරණය කළහැකි වනසේ භාවිතා කිරීමේ වැදගත්කම, අරපිරිමැස්ම, පාසල් අධ්‍යාපනයේ වටිනාකම හා වැදගත්කම පිළිබඳවත්, රටේ ජනතාවගේ බදු මුදලින් රජය මගින් නොමිලේ දරුවන් අතට පත් කෙරෙන පාසල් පෙළපොත් භාවිතා කරමින් මනා අධ්‍යාපනයක් ලබා යහපත් පුරවැසියෙකු ලෙස සමාජයට පිවිසීමේ වැදගත්කම ආදී කරුණු පිළිබඳවත් පාසල් සිසුන් දැනුවත් කිරීමට වාර්ෂිකව මෙවැනි ජාතික උත්සවයක් සංවිධානය කිරීම මෙහි අරමුණයි.
නි ෙරා්ෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments