පාසල් සිසුන්ගේ රක්ෂණාවරණයට කැබිනට් අනුමැතිය
- 2017-08-23 18:28:31
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
වයස අවුරුදු 05 සිට 19 දක්වා වයස් කාණ්ඩයේ පසුවන මිලියන 4.5 ක් වූ මෙරට පාසල් දරුවන් සියලු දෙනාම වෙනුවෙන් රුපියල් 200,000/= ක් වටිනා රක්ෂණාවරණයක් බැගින් නොමිලේ ලබා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම සඳහා 2017 රජයේ අයවැය මගින් රුපියල් මිලියන 2,700 ක් වෙන් කරනු ලැබ තිබේ.
යෝජිත රක්ෂණාවරණය මගින් බාහිර ප්‍රතිකාර සඳහා රුපියල් 10,000/- ක් සහ රෝහල් ගත වීමක දී රුපියල් 100,000/= ක් දක්වා ආවරණ්‍ය සැලසෙනු ඇත.
ඊට අමතරව පාසල් දරුවෙකුගේ හදිසි මරණයකදී දෙමව්පියන්ට රුපියල් 100,000/= ක්ද, සිය මවගේ හෝ පියිගේ හදිසි මරණයකදී පාසල් දරුවාට රුපියල් 75,000/= ක්ද මෙම රක්ෂණාවරණය මගින් ගෙවනු ලබයි.
තවද පාසල් දරුවා පූර්ණ ආබාධිත තත්ත්වයකට පත්වීමකදී රුපියල් 100,000/= ක්ද. අර්ධ ආබාධිත තත්ත්වයකට පත්වීමේදී රුපියල් 50,000/= සිට 100,000/= දක්වාද මේ යටතේ වන්දි ලබාගත හැකි වේ.
ඒ අනුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ද ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි රුපියල් මිලියන 2,348 ක වාර්ෂික වාරිකයකට යටත්ව, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව (Sri Lanka Insurance Corporation Ltd) මගින් මෙම රක්ෂණ ක්‍රමය ක්‍රියාත්මක කිරීම පිණිස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත ඇත.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments