Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

පාසල් සිසුන් වෙත පාසල් වේලාව තුළ දී පෝෂ්‍යදායි ආහාර වේලක් සපයා දීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.අමාත්‍යවරයා මේ බව පැවසුවේ ජාතික අධ්‍යාපන ආයතනයේ දී අද (26) පැවති උත්සවයකට එක්වෙමිනි. අධ්‍යාපන අමාත්‍යංශයේ පැවති අනවශ්‍ය වියදම්, අක්‍රමික මූල්‍ය භාවිතාවන් සහ අනවශ්‍ය වියදම් සියල්ල නවතා ඇති නිසා මේ සඳහා මුල්‍ය ප්‍රතිපාදන සකසා ගත හැකි පරිසරයක් මේ වන විට නිර්මාණය වී ඇති බව අමාත්‍යවරයා කියයි. අදාළ යෝජනාව ඉදිරියේ දී ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමට තමා බලාපොරොත්තු වන බව ද අමාත්‍යවරයා පවසයි.

 

වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, රාමුගත වූ සහ සීමා මායිම් ගත වූ වපසරීන් සියල්ල බිඳ දමා, අනාගත ලෝක තත්ත්වයන්ට මුහුණ දෙමින් මානව සම්පත දියුණු කිරීම තුළ පමණක් රටක් ලෙස අපට ඉදිරියට යා හැකි බවයි. ඒ සඳහා සියලු පාර්ශව එක්ව කටයුතු කළ යුතු බවත් එම විප්ලවීය ක්‍රියාවලියේ දී සුවිශේෂී වගකීමක් ජාතික අධ්‍යාපන ආයතනය සතුව ඇති බවත් අමාත්‍යවරයා සිහිපත් කළා.

පාසල් වල ගෘහ ආර්ථික විද්‍යා විෂය සංවර්ධනය කිරීමේ අරමුණින්, ගෘහ විද්‍යා උපකරණ කට්ටල බෙදා දීම ඇතුලු ක්‍රියාමාර්ග රැසක් දියත් කිරීම වෙනුවෙන් මෙම උත්සවය පැවත්වුණා.13 වසරක අඛණ්ඩ අධ්‍යාපනය වැඩසටහනට සමගාමීව හෝටල් ක්ෂේත්‍රයට අදාළ පුහුණුව ලබාදීමත්, ගෘහ විද්‍යාවට අදාළ ගුරු පුහුණු කටයුතු පහසු කිරීමත් වෙනුවෙන් නවීකරණය කරන ලද ජාතික අධ්‍යාපන ආයතනයේ ගෘහ විද්‍යාගාරය විවෘත කිරීම ද මෙහිදී අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවුණා. එමෙන්ම “ළඟම පාසල හොඳම පාසල” ව්‍යාපෘතියට අයත් පාසල් අතුරින් සියලු පළාත් නියොජනය වන පරිදි තෝරාගත් පාසල් 100 කට ගෘහ විද්‍යාගාර අලුත්වැඩියාව සඳහා රුපියල් ලක්ෂ 05 ක මූල්‍ය ප්‍රතිපාදන ප්‍රදානය කිරීම ද මෙහිදී සිදුවුණා.මීට අමතරව සිංගර් ආයතනයේ අනුග්‍රහයෙන් පාසල් 150 ක් සඳහා ගෘහ විද්‍යා උපකරණ ලබාදීමක් ද සිදුකෙරුණා.

මේ අවස්ථාවට අධ්‍යාපන අමාත්‍යංශයේ අතිරේක ලේකම් සේනානි හේවගේ, ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ජයන්ති ගුණසේකර ඇතුලු මහත්ම මහත්මීන් ඇතුලු නිලධාරීන් රැසක් එක්ව සිටියා.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.