පාසල් සිසුන්ට ඇඟිලි සලකුණු මඟින් QR කේතයක් සමග ශිෂ්‍යය අංකයක්
- 2017-11-29 10:52:31
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ඒ අනුව පාසල් වලට ඇතුල් වන සෑම ශිෂ්‍යයෙකුටම අනන්‍ය ශිෂ්‍ය අංකයක් (Unique Student Code) හඳුන්වාදිමටත්, ඒ සමග ම ඇඟිලි සලකුණු (Finger Print) මඟින් අනන්‍යතාව තහවුරු කරගැනීම හරහා QR කේතයක් (Quick Response Code) නිර්මාණය කිරීමටත් යෝජනා වී ඇති අතර මෙම අංකය පාසල් මට්ටමින් සිදුකෙරෙන ප්‍රධාන කඩඉම් විභාග වලදී යොදා ගැනීමට ද යෝජනා වී තිබෙනවා. මේ හරහා ප්‍රධාන කඩඉම් විභාග තුන වන 05 වසර ශිෂ්‍යත්ව විභාගය, අ.පො.ස (සාමාන්‍ය පෙළ) සහ අ.පො.ස.(උසස් පෙළ) යන විභාගයන් වල දි සිසුන්ගේ සාධන තත්ත්වයන් නිරීක්ෂණය කිරීමට හැකියාව උදාවනු ඇත. එමෙන්ම විභාග වංචාවන් අවම කරගැනීමට ද මෙය විශාල ලෙස ඵලදායී වනු ඇති බව සඳහන්.
මීට අමතරව, උත්තර පත්‍ර පරික්ෂාවේ දී බහුවරණ උත්තර පත්‍ර පරීක්ෂා කිරීම සඳහා නවින තාක්ෂණයෙන් යුත් OCR යන්ත්‍ර (Optical Character Readers) මිල ද ගැනීමට ද යෝජනා වි තිබේ. මේ හරහා බහුවරණ ප්‍රශ්න පත්‍ර ඇගයීමට ලක් කිරීමේ දී ඒ සඳහා ගත වන කාලය අඩුවීම සහ කඩිනමින් ප්‍රතිඵල නිකුත් කිරීමට ද හැකියාව ලැබෙනු ඇත.
(අධ්‍යාපන අමාත්‍යාංශය)
Reply To:
Name - Reply Comment
0 Comments