Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

2017 අයවැයේ සඳහන් පරිදි වයස අවුරුදු 5 - 19 අතර පාසල් යන සියලු ශිෂ්‍ය ශිෂ්‍යාවන්හට රුපියල් දෙලක්ෂය බැගින් වු සෞඛ්‍ය රක්ෂණ ආවරණයක් ලබා දෙන බවත් මේ මගින් පවුලක සිටින දරුවන්ගේ සංඛ්‍යාව නො සලකා සියලු ම දරුවන්ට මෙම රක්ෂණ ආවරණ පහසුකම් සලසන බවත් මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පැවසීය.

මේ සඳහා මෙම වසරට රුපියල් මිලියන 2,700 ක් වෙන් කර ඇති අතර මෙම රක්ෂණ ආවරණ ක්‍රමය අධ්‍යාපන අමාත්‍යාංශය හරහා නුදුරේ දීම ක්‍රියාවට නංවනු ලැබේ. සෑම දරුවෙකුට මෙමගින් නේවාසික හා බාහිර සෞඛ්‍ය සේවා පහසුකම් ඕනෑම රෝහලකින් ලබා ගත හැකි වන පරිදි රක්ෂණ ආවරණ සහතිකයක් නිකුත් කරනු ලැබේ. ඒ හරහා එක් අවස්ථාවක දී නේවාසික ප්‍රතිකාර ලබා ගැනීම සඳහා උපරිමයෙන් රුපියල් ලක්ෂයක් ද බාහිර සෞඛ්‍ය සේවා ලබා ගැනීම සඳහා උපරිම ලෙස රු.10,000/- ද ගෙවනු ලැබේ.

රටේ සියලුම පාසල් දරුවන් එනම් රාජ්‍ය හෝ පෞද්ගලික පාසල් වල ඉගනුම ලබන සියලු ම දරුවන් මෙම රක්ෂණ ක්‍රමය මගින් ආවරණය කිරීම විශේෂත්වයක් බව අමාත්‍යවරයා සඳහන් කළේය.

රජය මගින් නිදහස් අධ්‍යාපනය සඳහා සුබසාධන වැඩසටහන් පහක් දැනටමත් ක්‍රියාත්මක කරමින් පවතින බැවින් යහපාලන රජය මගින් මේ වසරේ සිට නොමිලේ ලබා දෙනු ලබන සිසු සෞඛ්‍ය රක්ෂණ ආවරණය නිදහස් අධ්‍යාපනය අර්ථවත් කිරීමට නව ශක්තියක් වනු ඇතැයි මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පැවසීය.

සියලු පාසල් ළමුන් සඳහා නොමිලේ  පෙළපොත් ලබා දීම , පාසල් නිළ ඇඳුම් සඳහා වවුචර් පත් ලබා දීම, අවශ්‍යතාවයන් තිබෙන්නා වූ පාසල් දරුවන් වෙත දිවා ආහාර ලබා දීමේ ක්‍රමය, ප්‍රාථමික පාසල් වල ඉගෙනුම ලබන අවශ්‍යතාවන් ඇති ළමුන්ට කිරී වීදුරුව බැගින් ලබා දීම, දුෂ්කර පළාත් වල හඳුනා ගත් සිසුන් වෙත පාවහන් ලබා දීම ආදී සුබ සාධන වැඩසටහන් පහක් පාසල් සිසු දරු දැරියන් වෙනුවෙන් රජය මගින් ක්‍රියාත්මක කරමින් පවතී.

මේ අතර මෙම වසරේ සිට කිසිදු පාසලක ඩෙස්ක් හා පුටු ඇතුළු මූලික අවශ්‍යතාවන්  හි ඌණතාවන් නො තිබිය යුතු යැයි ජනාධිපතිවරයා විසින් කර ඇති නියමයන් මත මෙම වසර තුළ (2017) ඉතිරි ව ඇති පාසල් 1500 කට විදුලිය ,ජලය, සනීපාරක්ෂක පහසුකම් ඇතුළු මූලික අවශ්‍යතා සැපයීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය වෙත රු.මිලියන 7000 ක අතිරේක මුදලක් ලබා දි ඇතැයි මුදල් අමාත්‍යවරයා පැවසීය. 2016 වසර සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය වෙත 2014 වසරට සාපේක්ෂව තුන් ගුණයකින් ප්‍රතිපාදන වැඩි කර වෙන් කරන ලද අතර එමගින් දස දහසක් පමණ වු පාසල් වල අවශ්‍යතාවන් සැපයීම අරඔන ලදී.

මෙම වසරේ ද ඉතිරිව ඇති පාසල් වලට ප්‍රාග්ධන පහසුකම් සැපයීම සඳහා රු.බිලියන 61 ක් වෙන් කර තිබේ.

සියලු රේඛීය අමාත්‍යාංශ වලට ඔවුන් විසින් ම වසරක් තුළ ක්‍රියාත්මක කිරීම සඳහා සකස් කර ඉදිරිපත් කරන ලද ක්‍රියාකාරී සැලැස්ම අනුව ප්‍රතිපාදන වෙන් කර ඇති බැවින් මෙම වසර අවසානයට පෙර නිදහස් අධ්‍යාපනයට අවශ්‍ය සියලු පහසුකම් සියලු පාසල් වලට නො අඩුව සැපයීමට හැකිවනු ඇතැයි මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්.සමරතුංග මහතා විශ්වාසය පළ කළේය. 2016 වසරේ සිට ශූන්‍ය පාදක අයවැයක් හඳුන්වා දි ඇති බැවින් යම් හෙයකින් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් ඉතිරි වන මුදල වෙනත් ව්‍යාපෘතියක් සඳහා මාරු කිරීමට මින් ඉදිරියට අවසරය ලබා නොදෙන බව මුදල් අමාත්‍යාංශ ලේකම් සමරතුංග මහතා අවධාරණය කර තිබේ.

(රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව)

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.