පාසල් සිසුන්ට වර්ණවත් ඇඳුමක්
- 2017-04-02 12:53:28
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පාසල් සිසුන්ට සුදු ඇඳුම් වෙනුවට වර්ණවත් ඇඳුම් හඳුන්වාදීමට සැලසුම් සකස් කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.
පෙරේදා (29දා) කොළඹදී පැවැති උත්සවයකදී මේ බව සඳහන් කළ අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ සිසුන් තුළ ක්‍රීඩාශීලීත්වය වර්ධනය කිරීමට මෙම පියවර ගන්නා බවයි.
මෙහිදී අදහස් දැක්වූ ඒ මහතා,
''ලෝකයේ සුදු ඇඳුම්'' පමණක් අඳින පාසල් තියෙන්නෙ ලංකාවෙ විතරයි. මේ පිළිබඳවත් අලුතින් හිතල වෙනස්කම් කරන්න ඕන. පාට 04ක් හෝ 05ක් හඳුන්වාදීලා පාසල්වලට තමන් කැමති වර්ණයෙන් යුතු ඇඳුම් තෝරාගැනීමේ සැලසුම් සකස් කරන්න ඉදිරියේදී අපි බලාපොරොත්තු වෙනවා.
මේ සඳහා විශේෂ කණ්ඩායම් මගින් නිර්දේශ ලබාගන්නවා. මේකට හේතුව තමයි සුදු ඇඳුම් ඉක්මනට කිළිටි වෙන නිසා ළමයි ක්‍රීඩාවට පවා යන්න කැමති වෙන්නේ නෑ. ළමයි ඒ ඇඳුම් ඉතාම පිරිසුදු මට්ටමින් තියාගන්න බලනවා. මේවා පාට වෙනස් කිරීම පොඩි දෙයක් වුණාට මෙමගින් පවා ක්‍රීඩාවට උත්තේජනයක් ලැබෙන බවයි අපි විශ්වාස කරන්නේ. වෙනස් කරන්න ඕන දේවල් කාලානුරූපීව හිතල වෙනස් කරන්න ඕන'' යනුවෙන් පැවසීය.
Reply To:
Name - Reply Comment
0 Comments